රනිල්ගේ පවුල් ගහ: ඩීල් පප්පා බාල මලයා චන්න වික්‍රමසිංහ..! – ලංකා ඊ නිව්ස් හෙළිදරව්ව

රනිල්ගේ පවුල් ගහ: ඩීල් පප්පා බාල මලයා චන්න වික්‍රමසිංහ..! – ලංකා ඊ නිව්ස් හෙළිදරව්ව

බණ්ඩාරනායකලාගේ මහ පොළොවට පස් වුණු  අනුර බණ්ඩාරනායක, සුළු පරිමාණයෙන් ද, චන්ද්‍රිකා මහා පරිමාණයෙන්ද, රාජපක්ෂ ජුන්ටාවේ සියළු රාජපක්ෂලා අතිශය මහා පරිමාණයෙන් ද ඩීල් දමා, කොමිස් කමින්, නීති විරෝධීව උපයාගත් අසීමිත ධනස්කන්ධයන්ගෙන් සුපෝෂිත වූ පංචස්කන්ධයන් ලෙස සීල් වැදී හමාර ය.

ඉහළ ඇවරියේ පවුල්  පාලනයන්ට ආවේණික වූ ලක්ෂනයන් අතර පවුලෙන් එකෙකු  රජ කරන කල්හි පවුලේම හැත්ත බුරුත්ත එකතු වී රට බංකොලොත් වනතුරු වල ඉහං කෑම දැකිය හැකි සුලභ දසුනක් විය.

මිස්ටර් ක්ලීන් යයි තමාම කියාගත් රනිල් වික්‍රමසිංහ අගමැති වී මහ බැංකු මංකොල්ලයෙන් කෝට් බෑය ගලවා ගත් අතර මෙවර කලිසම ද ගලවා ගත්තේ ජනාධිපති වීමෙන් පසු බාල සොහොයුරු චන්න වික්‍රමසිංහගේ අන්ලිමිටඩ් පාදඩ ක්‍රියාකාරකම් සහ අමන ගැහිලි එකක් නෑර ලීක් වන්නට වූ පසුබිමක ය. මේ ඒ ලීක් වූ දේවල් හෙළිදරව් කිරීමයි.  

රාජ්‍ය යාන්ත්‍රණයටත් බලපෑම්…

අමාත්‍යාංශ, සංස්ථා, රාජ්‍ය ආයතන,ආරක්ෂක අංශය ඇතුළු කොටගත් සකල විධ රාජ්‍ය යාන්ත්‍රණයට විධායක අයියාගේ රස්නය දනවමින් අනිසි බලපෑම් එල්ල කරන  මෙම කුප්‍රකට දූෂිතයා 2006  අංක 49 දරන ප්‍රසම්පාදන මාර්ග උපදේශය බල්ලට දමමින් රාජ්‍ය මිලදී ගැනීම් බහුතරයක් අධික මිල ගණන් යටතේ අතරමැදියකු  ලෙස ක්‍රියාකරමින් ඔහු හරහා  සිදුකරනුයේ රජයට බිලියන ගණනින් පාඩු සිදු කරමිනි.

රාජ්‍ය බැංකු ඇතුළු කොට ගත් රාජ්‍ය ආයතන සිය ප්‍රචාරණ කටයුතු සියල්ල මොහුගේ වෙළඳ දැන්වීම් හා ප්‍රචාරණ සමාගම් හරහා සිදු කළ යුතු අතර සියලු මුද්‍රණ කටයුතු ද ඔහුගේම මුද්‍රණාලවල සිදු කිරීම අනිවාර්ය කොට ඇත.

හමුදා දිනපොත් සහ කැලැන්ඩර් කොන්ත්‍රාත්තුවත් චන්න වික්‍රමසිංහට….

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ මිලියන ගණනක් මුදල් වැය කරමින් එක් ලක්ෂ පනස් දාහක සාමාජිකයන් සඳහා යුද හමුදාව විසින් ලබා දෙනු ලැබූ දිනපොත් සහ දින දර්ශන සියල්ල අච්චු ගසා සකස් කර ඇත්තේ චන්න වික්‍රමසිංහගේ මුද්‍රණාලයන්හි වන අතර අඩු මිල ගණනට ලංසු තැබූ ටෙන්ඩර් පත් සූක්ෂමව ඉවත දමා වැඩි මිලට කොන්ත්‍රාත්තුව වෙනත් ආයතනයක් නමින් සේනාධිනායකයාගේ මලනුවන් හට ලබාදීමට යුද හමුදාව කටයුතු කර ඇත.

මුළු වටිනාකම මිලියන 400 ක් වූ මෙම ගනුදෙනුවේ ශුද්ධ ලාභය මිලියන 300 ක් වන අතර දින දර්ශනයක් රුපියල් 600 කටත් දිනපොතක් රුපියල් 1500 කටත්  නිලධාරි  දිනපොතක් 6500 කටත් මිලට ගෙන ඇත.

ඖෂධ මාෆියාවේද කොටස්කරුවෙක්…

ප්‍රමිතියකින් තොර බාල ඖෂධ අධික මිල ගණන් යටතේ මෙරටට ගෙන්වීමට අතරමැදියකු ලෙස කටයුතු කර ඇති කුප්‍රකට චන්න වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද එල්ල කළ බලපෑම් මෙතෙකැයි කියා  නිම කළ නොහැකි තරම්ය. කෙහෙළිය මෙන් සිරබත් කෑ යුතු මෙම අන්ත දූෂිතයාට තවමත් රජබත් කෑමට වාසනාව ලැබී ඇත්තේ අයියාගේ ජනාධිපතිකම නිසාමය.

අධිකරණයටත් බලපෑම්…

අධිකරණයන්හි විභාග වන නඩු තීන්දු වලට බලපෑම් එල්ල කරමින්  තමන් ඇතුළු කොටගත් දූෂිත මිත්‍ර සමාගම් නීතිය නවමින් බේරා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයට ද  රාජ්‍ය අධිකරණ යාන්ත්‍රණයට ද  ජනාධිපතිගේ නම විකුණා ඇඟිල්ල ගහන බාල සහෝදරයා වරෙක අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගෙන් ලුණු ඇඹුල් ඇතිවම අසා ගෙන තිබේ.

රේගුවට දාන ඩීල්…

නීති විරෝධීව මෙරටට රැගෙන එන භාණ්ඩ සඳහා දඩ මුදල් සහ බදු  නොගෙවා හෝ සුළු කොටසක් ගෙවා නිදහස් කර ගැනීමට කුප්‍රකට ව්‍යාපාරිකයෝ සොයා එනු ලබන්නේ චන්න වික්‍රමසිංහවය. ගෙවීමට ඇති මුදලට වඩා අඩු මුදලකට ඩීල් එක දමාගන්නා චන්න, ජනාධිපති උපදෙස් ප්‍රකාරව භාණ්ඩ නිදහස් කරන ලෙස රේගුවට දන්වා සිටි වාර අනන්තය. එමගින් රට තුළට ඇතුළුවන අහිතකර නීති විරෝධී භාණ්ඩ බොහෝය. පිළිකා කාරක භාණ්ඩ ද මේ අතර තිබූ බවට රේගු නිලධාරීහු සාක්ෂි දරන්නෝ ය. චන්නගේ ඩීල්  හේතුකොට මහ භාණ්ඩාගාරයට  අහිමි වනුයේ කෝටි ගණනක බදු මුදල්ය. මෙවැනි පජාත  ක්‍රියා හේතුකොට මහා භාණ්ඩාගාරයට ආදායම් නොලැබී යාම තුළින් අවසානයේ සිදුවන්නේ දුප්පත් මහජනයා මත තව තවත් බදු පැනවීම නොවේද ?

රමණීයයි මේ මධුර ජවනිකා..

සේනාධිනායකයා යටතේ ඇති ආරක්ෂක අංශ සියල්ලට අත්තනෝමතික ලෙස ඇඟිලි ගසන මෙම දූෂිත චන්න තම පංචස්කන්ධය සන්තර්පනය කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් වහල් භාවයට ගෙන ක්‍රියා කරයි. මොහුගේ නිවසේ කක්කුස්සිය  පිරිසිදු කරන්නේ ද හමුදාවෙනි. උයාපිහන්නේ ද හමුදාවෙනි. ගේ දොර වත්ත පිටිය අස්පස් කරන්නේ ද හමුදාවෙනි. මොහුට ආරක්ෂාව ලබා දෙන්නේ ද හමුදාවෙනි. මොහුගේ ඩ්‍රයිවර් ලෙස  වාහන එලවන්නේ ද හමුදාවෙනි. මේ කිසිවක් පිළිබඳව සේනාධිනායකයා නොදැන සිටිය නොහැකි අතර ජනතා බදු මුදලින් වැටුප් ලබා පෝෂනය වන්නා වූ ආරක්ෂක අංශ සාමාජිකයන් වන රාජ්‍ය සේවකයන් මෙලෙස අනීතිකව අවභාවිතා කිරීම නීති විරෝධී නොවේද?

ආරක්ෂක අංශයන් වෙත අත්තනෝමතික ඇඟිලි ගැසීම් මනාව පිළිබිඹු කරමින් පසුගිය වසරේ 31ක් වෙන දින විශ්‍රාම ගැන්වීමට නියමිතව සිටි  යුද හමුදාපති හට වසරක සේවා දිගුවක් ලබා දුන් මොහු, ගෙවී ගිය කෙටි කාලය තුළ 18 වතාවක්  යුද හමුදාපති නිල නිවසට පැමිණ හමුදාපති ගිණුමෙන් මිලියන ගණන් මුදල් වැය කරමින් අති සුපිරි සාද පැවැත්වූ අතර, ජානකී සමග විස්කි පානය කිරීම ඔහුට ස්වයං ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.

හමුදාපති නිල නිවසේ මෙන්ම කොළඹ පිහිටි චන්නගේ සුපිරි නිවසේද රෑ නොනිදා පහන් කරන ඉස්තරම් සාදයන් සඳහා මධුර ජවනිකාවන් ඉදිරිපත්  කරනුයේ රූමත් හමුදා නාට්‍යංගනාවන් වන අතර චන්නට එය වෙනම ආතල්  එකකි.

මානසික රෝගයකු වන චන්න වික්‍රමසිංහගේ අසහනකාරී ක්‍රියා හේතු කොටගෙන හමුදා සාමාජිකාවන් හට සිදුවූ ලිංගික හිංසන සහ අකරතැබ්බයන් බොහෝය. මෙවැනි දෑ පිළිබඳ හමුදා කාන්තාවන් යුද හමුදා මූලස්ථානයට පැමිණිලි කළ අතර වැඩේ ගොඩින් බෙරා ගැනීමට නාම මාත්‍රික පරීක්ෂණයක් මේ මොහොත වන විටද පැවැත්වෙන නමුත් බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ බැවින් අවසාන ප්‍රතිඵලය නිල් වනු ඇත.

ජනාධිපති සහ චන්න පිට රටවල දාන ඩීල්….

බංකොලොත් ශ්‍රී ලංකාවේ කෙටි කාලයක් තුළ  වැඩිම වාර ගණනක් ජනතා බදු මුදලින් විදේශගත වූ ජනාධිපති බවට රනිල් වික්‍රමසිංහ දැනටමත් වාර්තා පිට වාර්තා අලුත් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවා අවසන්ය.

ජනාධිපති විදෙස් ගත වූ සෑම අවස්ථාවකදීම වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම තම ‘බාල’ සොහොයුරා වූ කුප්‍රකට චන්න වික්‍රමසිංහ ජනතා බදු මුදලින් සියලුම රටවල් වලට රැගෙන යනු  ලැබුවේය.

බොහෝ අවස්ථාවන්හිදී ජනතාව ගොනාට ඇන්දවීමට දෙදෙනා වෙන වෙනම ගුවන් ගමන් දෙකකින් එක් ගමනාන්තයකට ළඟා වූහ. ඒ සෑම අවස්ථාවන්හිදීම ඒ ඒ විදේශීය රටවල ව්‍යාපාරිකයන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වූයේ චන්න වික්‍රමසිංහය.

විදේශීය ආයෝජන, දේශීය සම්පත් විකිණීම මෙන්ම අනෙකුත් ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා විදේශිකයන් හට අතරමැදියකු ලෙස ක්‍රියාකරමින් කෝටි ගණනින්  ඩීල් දාන කුප්‍රකට චන්න ඉන් කොටසක් ජනාධිපති අයියාට නොදෙනවා නම් පුදුමයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *