රනිල්ට ඉඩ දෙන්නේ නෑ – චන්ද්රිකා කියයි
තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට උදව් කිරීම සඳහා පැමිණ නැති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාර කුමාරතුංග පවසයි.
“දැන් කියන ලොකුම බොරුව තමයි මම ඇවිල්ලා ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න කියලා, මට කිසිම උවමනාවක් නෑ එහෙම උදව් කරන්න. මම ඉපදුණෙත්, වැඩ කෙරුවෙත් නිදහස් පක්ෂෙ. දෙවතාවක් මාව අයින් කළා. දෙවතාවෙම පක්ෂය වැරදි අතට යනකොට සටන් කරපු නිසා.”
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි ද
කෙසේවෙතත් ශ්රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන අතර මේ වන විට පක්ෂයේ නියම නායකත්වය සතුව ඇත්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමට බව ද ඇය කීවාය.
“මට සභාපතිකම ගන්න කිව්වා, මම එපා කිව්වා. ශ්රී ලංකා නිදහස් පක්ෂය යම් තැනකට ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා, නැත්නම් නිකම් ඉන්නවා.”