රනිල් ආවට දිනන්න බෑ. අකිල කියයි

රනිල් ආවට දිනන්න බෑ. අකිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ නොහැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සමහරු කියන බව එම පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද, අකිල පවසයි. අකිල විරාජ් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර, ඔහු මේ කියන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට පැමිණිය ද ජයග්‍රහණය කළ නොහැකි බව නොවේ ද?

කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව පසක් කරන මෙම කතාවේ වැරදි හදන්නට යන අකිල කියන්නේ රනිල් හොඳින් නිල බලා සමීක්ෂණ කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ය.

කෙසේවෙතත්, ‘ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී’ වැනි තීරණාත්මක තත්ත්වයකට වැටී ඇති එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සඳහා රනිල් ඉදිරිපත් කිරීම සැක සහිත, අවාසිදායක සහ අවදානම් තීරණයක් බව පසක් කරගෙන ඇති බව අකිලගේ මෙම අනියමාර්ථ අසම්භාව්‍ය කතාවෙන් පැහැදිලි වේ. රනිල් වටා සිටින පිරිසගේ ආරක්ෂාව සහ ඉදිරි ගමන තීරණය වන්නේ, ඉදිරි ජනාධිපතිවරණයෙන් බැවින් රනිල්ව දේශපාලන වශයෙන් අවසන් ගමන් යවා හෝ තමන්ගේ ආරක්ෂාව සහ ඉදිරි ගමන තහවුරු කර ගැනීම ඔවුනගේ අරමුණ වී ඇතැයි සිතිය හැකිය.

කෙසේවෙතත්, ‘පරදින මැතිවරණයකට රනිල් එන්නේ නෑ’ යන්න දැන් ජනප්‍රවාදගත සත්‍ය සංකල්පනාවක් වී හමාර ය. දුවන කෝච්චියට බෙල්ල තැබීමට රනිල් සූදානම් වෙයි ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *