රනිල් කෙහෙලියව රකිනවද?

රනිල් කෙහෙලියව රකිනවද?

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමේදී සිදුකර තිබෙන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිටත් හිටපු කෙහෙලිය රඹුක්වැල්ලගෙන් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව වෙතින් එල්ල වෙමින් තිබේ.

මේ වනවිට ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ලබ ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පවා අත්අඩංගුවට ගෙන සිටී. මෙයට පෙර අවස්ථාවකදී ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් මහ මොළ කරු කවුදැයි රටම දැන ගෙන සිටියදී තමන් වැනි නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

කෙහෙලිය රඹුක්වැල්ල දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු මන්ත්‍රීවරු ඔහු රැකගත් අතර පසුව දිගින් දිගටම මහජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා වනජීවි ඇමති ලෙස ඇමති මාරුවකට ලක් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *