රනිල් ගේ වැරදෙන කුරුමානම
ගෝඨාභය පැනලා ගිය නිසා සහ චන්ග් නෝනා නිසා ලැබුනු පිනා චාන්ස් එකේ මහිමයෙන් තමන්ගේ මුඛ්‍ය ආසාව සන්සිඳවා ගන්නට රනිල් වික්‍රමසිංහ තෙමේ සමත්විය.
පත්වීම ලැබ බහුතර කාලයක් ලංකාවේ නොසිටියාට දැන් තමන් ජනාධිපති පුටුවේ වාඩි වී මාස 18 ක් ගෙවී ගොස් ඇති බව මෙන්ම තවත් මාස හතකින් එම පුටුව අහිමි වන බවද රනිල් හොඳින්ම දන්නේය.
ලබන මාර්තුවට හැත්තපහ ලබන රනිල්ට දැන් තව ටිකක් බලයේ ඉන්නට ආසාය. ඒ ආසාව දැන් තමන්ගේම එකක් නොව ඔහු වටේ ඉන්න කල්ලියේ ද අසාව වී ඇත.
මේ කල්ලිය ගැන විමසා බැලීමද වටී.
සාගල, වජිර, රවී කරුණානායක වැනි අම්බ ඩීල් කාරයෝ ටික රැහැයියන් සේ වික්‍රමසිංහ කකුලේ එල්ලී සිටියී.
අනික් පසින් ප්‍රසන්න රණතුංග වැනි පොහොට්ටු පරපුට්ටෝ ටිකය.
මේ පිරිසට අමතරව ඉන්නේ behind the screen සෙට් එකයි, කැම්පේන් කැම්පේන් කියමින් ඒ මුවාවෙන් සල්ලි ගරන්න දත කන්නේ මොවුන් ය.
දැන් ඊළඟ ජනාධිපතිවරණය ට රනිල්ව යොමු කිරීමට රනිල්ට වඩා වුවමනාව ඇත්තේ මේ ඉහත කී පිරිස් වලටය.
ඒ නිසාම කොළඹ flower road හී එකක්ද, නුගේගොඩ තව එකක්ද, රාජගිරියේ තව එකක්ද ලෙසින් තරඟයට කැම්පේන් කාර්යාල දැමීමට මේ වටේ ඉන්නේ ගොයියෝ ටික ක්‍රියා කර ඇත.
රනිලුත් මුලින්ම හිතාගෙන උන්නේ මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන්නටය.
නමුත් ආසාව තිබුනාට ඒකට ජනතා ඡන්දය අවශ්‍ය ය. රනිල් වැඩේට සෙට් වුනේම වෙන කවදත් වගේ තමන්ට උතුරු නැගෙනහිර ඡන්ද ටික ගෙඩිය පිටින්ම තියෙනවානේ කියා හිතාගෙන ය.
නමුත් වැඩේ හබක් කියා දැනගත්තේ පසු ගිය වසරේ අග භාගයේ රනිල් නැගෙනහිර හිර සිදුකල සංචාරයත් සමඟය. එහිදී නැගෙනහිර හිර ජනතාව පාරට පැමිණ හූ කියමින් පාරවල් අවහිර කරමින් රනිල්ට විරෝධය දැක්වීය.
ඊළඟට උතුරින් රනිල්ට වැටුනේ මල්ටි බැරල් ප්රහාරයකි. ඒ ඉලංගෙයි තමිල් අරිසු පක්ෂ නායකත්වය ට පැවති අභ්‍යන්තර ඡන්ද විමසීමෙන් රනිල් හිතැති සුමන්දිරන් පරදා ශ්‍රී ධරන් ජයග්‍රහණය කිරීමය.
උතුරත් නැති නැගෙනහිරත් නැති රනිල්ට සෙසු දකුණේ ඡන්ද කොහොමත් නැතිය. ඒක 2001 න් පසු ලංකා භූමිය තුල ප්රත්යක්ෂ වූ ගලේ කෙටූ ඇත්තකි.
රනිල්ගේ කැම්පේන්කාරයෝ ඒත් වැඩේ අතහරින්න අකමැතිය. කැම්පේන්වල රුපියල් ඒ තරමට කථා කරයි.
රනිල් ලවා ඉඩම් ඔප්පු ප්රදානය කිරීමක් කලේ ඒක දඩමීමා කරගෙන හෝ රනිල්ට මිනිස්සු තුල තිබෙන අකමැත්ත සමනය කිරීමට ය.
එහෙත් අදෝමැයි !!
සතියක් ගියේ නැත.
රනිල් අනුරාධපුරේ ගියේ ගැම්මටය . ඒ අර ඔප්පු ප්රදානය හරහා ජනතාව ඔහුට තිබූ අකමැත්ත අඩු වී ඇති බවට වටේ ඉහන් කන හාදයන් ඔහුව ඇන්දවීමත් සමඟය. නමුත් රනිල්ට සිද්ධ වූයේ හූ හඬ මැද පලා යන්නටය.
රනිල්ට බෑ යන්න ලංකාවේ සමාජය තුල ස්ථාපිත කලේ නැසීගිය මංගල සමරවීර ය. ඒක හොල්ලන්නට අදටත් නොහැකි වී තිබේ. දැන් ඉතින් රනිල් ජනාධිපතිවරණය මගහැර යා හැකි එහෙත් බලයේ රැඳී සිටීමට හොරගල් අහුලන්නට පටන් ගෙන ඇත.