රනිල් නම් අඩ කොටය…!
දැන් පේන විදිහට වාම කඳවුර ජවිපේ මූලිකත්වයෙන් රතු ලංකාවක් හැදීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න සූදානම්. ඔවුන් හිතනවා ජනරැල්ල සුනාමියක් වෙලා ඇවිත් අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරේ හිඳවයි කියලා. චීනයත් මම හිතන්නේ ඔවුන්ගේ සහායට විශාල ශක්තියක් වෙමින් ඉන්නවා. චීනේ පිහිටෙන් උතුරේ දෙමළ ඡන්ද සංයුතියේ සැලකිය යුතු කොටසක් ඔවුන්ට සමහරවිට කඩාගන්න හැකිවෙයි. සමහරවිට කුට්ටියක් ඡන්ද සටනෙන් අයින් කරලා තියන්න හැකිවෙයි.
මේ තත්ත්වය අස්සේ දකුණේ තත්ත්වය කොහොමද ? දක්ෂිනාංශය අර්බුදයක ඉන්නේ කියලයි මට හිතෙන්නේ. ප්‍රධාන අවුල තමයි ඔවුන්ට එක පෙරමුණකට එකතුවෙන්න බැරිකම. ඒකට තිබෙන ප්‍රධාන බාධකය රනිල් වික්‍රමසිංහ කියලයි මට හිතෙන්නේ. මගේ තේරුන් ගැනීම අනුවනම් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාට ඡන්දයකින් ජනාධිපති වෙන්න තියෙන හැකියාව සීමිතයි. ඒකට හේතුව ලංකාවේ ජනතාව අස්සේ තියෙන රනිල් විරෝධය.
මේ වෙලාවේ රනිල් සාධකය අහෝසිවෙලා ගියොත් දක්ෂිණාංශයේ දේශපාලනයට එක ගොනුවකට ගොනුවෙන්න අමාරු නැහැ කියලයි මට හිතෙන්නේ. පොහොට්ටුව කියලා කියන්නේ මේ වෙලාවේ එතරම් තීරණාත්මක සාධකයක් නෙවෙයි. එය දැන් සීසීකඩ විසිරිලා. ශ්රීලනීපයත් ඉවරෙටම ඉවරයි. මොකක් හරි සූට්ටක් තිබ්බනම් මහරගම ප්‍රාඥයා ඒ ටිකත් ඉවරකරලා දාන්න නියමිතයි. රාජපක්ෂවරුන් කියලා කියන්නේ ගාවගත්තොත් අවාසි, තියෙන ඡන්ද ටිකත් නැතිවෙන්න පුලුවන් බඩු සෙට් එකක්. ඒනිසා මේ වෙලාවේ දක්ෂිණාංශික ඡන්ද ගොනුව අස්සේ තියෙන්නේ එජාපයේම ඡන්ද. එහි වැඩිම උරුමය තියෙන්නේ සජිත් නායකත්වය දෙන සජබට. රනිල් වික්‍රමසිංහ තනියෙන් ඉල්ලුවොත් ඡන්ද ලක්ෂ 7ක් ගන්න පුලුවන් වෙයි උපරීම.. මේ ලක්ෂ 7ත් මේ පෙරමුණට ඉතාමත් වැදගත්..
වැදගත්ම කාරණය ඒක නෙවෙයි.. මේ තත්ත්වය අස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරගකරන්නේ නැහැ යන්න ප්‍රකාශයට පත්වුවහොත් ඒ හරහා දක්ෂිනාංශයට පුලුල් එක පෙරමුණක් විදිහට එකතුවෙන්න විශාල අවකාශයක් නිර්මානය වෙන්න පුලුවන්. මොකද දකුණ දැන් බෙදිලා තියෙනේ රනිල් කියන සාධකය නිසා.
රනිල් සටනින් ඉවත් වෙනවා නම් සජිත් ප්‍රේමදාසත් නොවෙන වෙනත් ප්‍රබල අපේක්ෂකයෙකුට උනත් මේ දක්ෂිණාංශික බල කඳවුරට නායකත්වය දෙන්න අවකාශයක් නිර්මානය වෙන්න ඉඩකඩ තියෙනවා.
ඒ කියන්නේ රතු ලංකාවකට එරෙහි ප්‍රබල දක්ෂිණාංශික පෙරමුණක් ප්‍රබල නායකත්වයක් යටතේ ගොඩදාගන්න හැකියාව රනිල් වික්‍රමසිංහ ජනපති සටනින් ඉවත් වුණොත් ඇතිවේවි. සමහරවිට අපි නොහිතන එහෙත් අපේ පොදු අපේක්ෂාවන් ඉටුකරන්න පුලුවන් පොදු අපේක්ෂකයෙක් පවා එන්න ඉඩකඩ විවර වෙන්න පුලුවන් රනිල් සාධකය ඉවත් වුණොත්..!
කොහොමවුණත් බලාගෙන ඉමු මැයි 01 දායින් පස්සේ ජනපති සටන ආරම්භ වෙන හැටී…!
කේ. සංජීව ලියූ ලිපියකින් උපුටා ගන්නා ලදී.