රනිල් නෙමෙයි නම් එන්නේ කවුද ?

රනිල් නෙමෙයි නම් එන්නේ කවුද ?

දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක.  ඒ තීරණය මත ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම එහෙට මෙහෙට වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා වගේම දේශපාලනයේ ඉන්න පට්ට පොරවල් රැසකගේ ඉදිරි දේශපාලන ගමන ගැනත් තීන්දු කරනු නොඅනුමානයි.

ඒ ගැන විමසලා බැලුවොත් රනිල් ජනාධිපතිවරණයට එන එක සජිත්ට අවාසිදායකයි,  රනිල් එනවා කියන එක ස්ථීර වුන ගමන් සජිත් ගේ සජබ එකේ නම වගේම සජිත් ට සහ ජලනි ට විතරක් සීමා වෙන්න ඉඩ තියෙනවා ඔය කිරිඇල්ල සහ තිස්ස අත්තනායක වගේ කීප දෙනෙක් එක්ක. ඒ වගේම රනිල්ගේ ආගමනය අනුරට නම් සෑහෙන්න වාසි සහගතයි. මොකද ඡන්ද හදාගන්න ජනතාවට සතුරෙක් පෙන්වන්න ඕන වෙද්දි රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකට කියාපු බඩුවක් කියලා ඉතිහාසය පුරාම ඔහු පෙන්වලා තියෙන බව අනුරලා දන්නවා. ඒ තරමට රනිල් කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ කලාපයට අවුල් චරිතයක්. ඉතින් අනුරලා ඒක උපරිමයට පාවිච්චියට ගනියි.  ඒ වගේම අනුරලාට ගහන ඒවට රනිල් පලිහක් කරගන්නත් එයාලට පුලුවන්. උදාහරණයක් විදියට අනුරලාට 88/89 ගැන මතක් කලොත් එයාලා බටලන්ද ගැන කථා කරන්න ගනියි.

ඒ වගේමයි රනිල් ජනාධිපතිවරණයට එනවා නම් ජනාධිපති වෙන්න practice කරන චම්පිකට, දිලිත්ට, ධම්මිකට, විජේදාසට මොකද වෙන්නේ කියන එකත්. එක්කෝ මෙයාලාට රනිල් ගේ ඒ තීරණය මත ඔහුට සහය දෙන්න හෝ තනියම තරඟ කරන්න හෝ නොකරන්න හෝ වෙනත් පාර්ශවයකට සහය දෙන්න හෝ තීරණය කරන්න බල කෙරෙනවා.  ඒ එයාලගේ දේශපාලන අනාගතය වෙනුවෙන්.

ඊළඟට බලන්න ඕන ඔය වජිරලා,  සාගලලා, ප්‍රසන්නලා  එකිනෙකාට හොරෙන් රනිල් ගේ අගමැති වෙන්න බලාගෙන රනිල් එනවා කියලා දත කට මැදගෙන හෙට අනිද්දා කිරිබත් එහෙමත් කන්න බලාගෙන හිටියට ඒක එහෙම ස්වයං තීරණයක් හරහා ඉදිරිපත් වෙන්න  රනිල්ට ඉඩ තියෙනවාද කියන එක. ඉදිරිපත් වෙන්න නම් පුලුවන් ඒත් ජනාධිපතිවරණය දිනනවා කියන පදනම ඇතුව එන්න නම් තැන් කීපයකින් රනිල්ට නියත විවරණ ගන්නම වෙනවා.
එකක් ලංසා පිලෙන්.  මෙයාලා කියන්නේ ඔයා රාජපක්ෂලා අතහැරියොත් අපි ok කියලා. අනිත් අතට අමරවීරලා ඇතුලු ශ්‍රිලනිපය. මෙයාලත් රාජපක්ෂ ලා එක්ක නම් බෑ කියනවා. ඊළඟට සජබ කඩාගෙන එන්න ඉන්න අය. එයාලත් කියන්නේ රාජපක්ෂලා එක්ක බෑය කියලා.

මෙච්චර කියද්දිත් ඇයි රනිල්ට රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවේ සහය ඕන වෙන්නේ.  රනිල් දන්නවා ඔය අරගල අරවා මේවා මොනවා උනත් තාමත් මහින්ද  “නැද්ද අපේ හාමුදුරුවනේ ” කියලා ගමවල්වලට ගිහින් කිව්වම එතන ඡන්ද තියෙනවා කියලා. ආන්න ඒ ඡන්ද ටික නැතිව ඔය කියන 50% කුත් එක ගැන හිතලා වැඩක් නෑ.

ඉතින් තාම රනිල් ඉන්නේ තරාදියේ රාජපක්ෂ නොවන පැත්ත ලොකු කර ගන්නකම්.  හැබැයි තව පරහක් තියෙනවා කියලා නෙලුම් මාවත පැත්තෙන් ආරංචි තියෙනවා. ඒ රනිල් ව මොනවා කලත් ජනතාව අතර market කරවලා දිනවන්න බෑ සහ එහෙම දිනුවත් ඊට පස්සේ පොහොට්ටුව දියවෙලා යන එක වලක්වන්නත් බෑ කියලා රාජපක්ෂවරු අතර ඇති වුන කථා බහක් ගැන. එතන ඇති වුන කථාබහට අනුව රනිල් නැතිව වෙන චරිතයක් ඒ කඳවුරෙන් ගේන්න ඕන කියන එක සහ රාජපක්ෂවරු හලලා රනිල් ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවෙන් ධම්මික පෙරේරව දාන්න ඕන කියන එකත් තදමට කියැවිලා තියෙනවා.

මේ මොනවා වුනත් 2015 දී වගේම රනිල් අවසාන මොහොත වෙනකම් අල්ලගෙන ඉඳීවී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙනකල්.  ජූලි 17 න් පස්සේ ඒ දවස උදාවෙනවා. එතෙක් රනිල් සියලු දහන් ගැට දායි ඡන්දය කල්දාන්න සහ පොහොට්ටුව සහ සජබ කෑලි පුලුවන් තරමක් ගලවගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *