රනිල් නොඑන එක තහවුරුයි !ඡන්දය කල්දාමු – එජාප මහ ලේකම් ඉල්ලයි !!

රනිල් නොඑන එක තහවුරුයි !ඡන්දය කල්දාමු – එජාප මහ ලේකම් ඉල්ලයි !!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ කියා සිටියේය.

“මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපිට පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුවයි කියන එක අපි දන්නව. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා.”

මැතිවරණ සිතියම අකුලනවා නොකියා මෙයට ඉඩ දෙන ලෙස ද ඔහු අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

මැතිවරණයක් පැවැත්වීමෙන් පරිසර දූෂණයත්, අනවශ්‍ය මුදල් නාස්තියත් සිදුවනවා සේම රට බංකළොත් භාවය මුදාගැනීමේ ඉදිරි ක්‍රියා මාර්ගවලටත් විශාල සහයක් ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වන බවයි මහලේකම්වරයා පවසන්නේ.

විවිධ සන්ධාන සෑදිමේ හැකියාව ඇතිමුත් අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගිය හැකි සන්ධානය බිහිකිරීම බවත් ඒ සන්ධානය බිහිකිරීම සඳහා සියලු දෙනාට එකතුවන ලෙස ද ඔහු ආරාධනා කළේය.

“මේ වෙලාවේ ජනතාවත් රටේ දේශපාලන නායකයිනුත් සිදුකළ යුතු වන්නේ රනිල් වික්‍රමසිංහට මේ රට ඉදිරි කාලයටත් බාර දීම යි,” එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  වැඩිදුරටත් පැවසීය.

රනිල් කොහොමත් හිටියේ දිනන මානසිකත්වයක නොවේ. තමන්ට ජනාධිපතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ හැකි බව දන්නේ නම් ඔහු කෙසේවත් තරග නොකර සිටින්නේ නැත. රංගේ බණ්ඩාරගේ ස්වරයෙන් දැන් පිටවන්නේ රනිල්ගේ ප්‍රකාශනයයි. මින් තහවුරු වන්නේ අප පෙර සිට කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරග නොකරන බව ය. එමෙන්ම පොහොට්ටුවේ සහාය ද රනිල්ට නොලැබෙන බව දැන් සහතිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *