රනිල් පරදින්න ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. අන්තිම මොහොතේ හරි අයින් වෙනවා..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඔහු අවසාන මොහොතේ හෝ ජනාධිපති තරගයෙන් ඉවත් වන බව අජිත් පී. පෙරේරාගේ අදහසයි.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා පරදින්න ඡන්දේ ඉල්ලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නැති ගැටගහලා බලනවා අන්තිම දවස වෙනකනුත්. එතුමා ලේසියෙන් ඉක්මනට බලාපොරොත්තු අතඅරින්නෙත් නැහැ. අපි එතුමත් එක්ක වැඩ කරලා තියෙනවා. දීර්ඝ කාලයක් ඉන්නවා. ඉතින් ඒ නිසා අන්තිම මොහොත වෙනකන් ඉඳියි.
පෙර පිනකට ලැබුණු ජනාධිපතිකම ආරක්ෂා කරගෙන එතුමා අන්තිම මොහොතේ ජනාධිපතිවරණයෙන් අයින් වෙයි කියන එකයි මට නම් හැඟෙන්නේ. ඉතින් ඉල්ලුවත් වෙන ප්ටතිඵලය අපිට ගැටළුවක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් අපි එතුමා ගැන තියෙන අපේ කියවීම අනුව මම හිතනවා අන්තිම මොහොතේ එතුමාට මේ තරගයෙන් ඉවත් වීමට සිද්ධ වෙයි කියලා.”