රනිල් – බැසිල් – අනුර – සජිත් බදු ගෙවනු!!

රනිල් – බැසිල් – අනුර – සජිත් බදු ගෙවනු!!

ඡන්ද සමය ළං වන විට අපේක්ෂක වියදම් සීමා කිරීමට කියා කිසිදාක නොකරෙන සහ කළ නොහැකි නිර්ණායක බර තොගයක් මැතිවරණ කොමිසම සහ මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේය. ඒවා නිකුත් කිරීමට රැස්වීම් පවත්වා ඒවාට සහභාගී වීමට එන පක්ෂ ලේකම්වරුන්ට වියදම් වන තේ එක සහ රෝල් එකත් අපරාදේ ය. ඒ අපරාදයට එහා ගිය තවත් අපරාද ඇත.

ඒ ඡන්දයට කළිනි.

ඡන්දයකට පෙර නමුත් ඒ ඡන්දය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ සිදු කරන මහා දැවැන්ත වියදම් පාලනයට හෝ ඒවාට මුදල් ලැබුනේ කෙසේද යන්න හෝ සොයා බැලීමට නීතියක් හෝ එසේ සොයා බැලීමක් හෝ නැත.

නිකමට ගෙවුන මැයි දින සැමරුම් සලකා බැලුවොත් මාලිමාව,  සජබ, පොහොට්ටුව, UNP ය රුපියල් කෝටි ගණනක් තරඟයට මෙන් වියදම් කර ඇත. සෙනග ගෙන්වන්න භාවිතා කළ බස් රථ ටික ගැන පමණක් සළකා බැලුවද ඒ පිළිබඳ සාරාංශගත අවබෝධයක් ගැනීම අපහසු නැත.

මේ ඔක්කොම කළේ රටේ කම්කරුවන්ගේ සුබ සාධනය පිණිස නොව  අනුර – සජිත් – රනිල් යන වෙන්න ජනාධිපති අපේක්ෂකයන්ගේ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ය.

දැන් මේවා මැතිවරණ කොමිසමට නොපෙනේ ද  ?

ඊළඟට මේවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොපෙනේද ?

සාමාන්‍ය වෘත්තිකයාගේ පඩි පතෙනුත් බදු අයකර ගන්නා, සුළු ව්‍යාපාරිකයාගේ සිට ඉහළට ලක්ෂ ගණනින් බදු අයකර ගන්නා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ මාලිමාව, පොහොට්ටුව,  සජබ, UNP ය නමින් පවත්වාගෙන යන රුපියල් කෝටි ගණන් මුදල් ඇති ව්‍යාපාර ගැන නොපෙනේද ? මේවට සල්ලි ලැබෙන මාර්ග ගැන හොයන්නට රටේ බලාධිකාරයක් නැද්ද ?

සජබ මැයි රැලි කථාව තුල එහි නායක සජිත් ප්‍රේමදාස මහත් උජාරුවෙන් කියා සිටි පරිදි ඔහු සිදු කරගෙන යන ” බෙදීමේ ව්‍යාපාර ” දෙකකට ඔහු ලක්ෂ 6000 ක වියදමක් දරා ඇත. ( ඔහුගේ මැයි දින කථාව අහන්න  ) දැන් මේසා විශාල මුදලක් වියදම් කර ඔහු සිදු කරන්නේ ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එකය. එය ඡන්ද වැඩකි. එනයින් ඒවාට වියදම් දැරීමේ සීමා ඉර ලකුණු වන්නේ කොතනින්ද ? එය ලකුණු කරන්නේ කවුද ?මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධව වගකීමක් නැද්ද ?

ඊලඟට සජිත් ප්‍රේමදාස ට ඒසා විශාල ධනයක් ලැබුනේ කොයින්ද ? එම මූලාශ්‍රය කුමක්ද ? එම මුදල් බදු වලට යටත් කර ගැනීමේ ක්‍රමවේදයක් නැද්ද ?
බදු ගහන්නේ පොඩි මිනිහාට පමණද ?

එක රැලියකට කෝටි ගණනක් වියදම් කර රට පුරා ගැහැණු එකමිටට ගද්දී එම ගැහැණුන්ගේ සීනි තේකොල ටිකෙන් බදු ගන්නා රටක එසේ වියදම් කිරීමට මුදල් තිබෙන අනුර දිසානායකගෙන් බදු අයකර ගෙන ඇද්ද ?

රටකට මූල්‍ය විනයක් මෙන්ම මූල්‍ය විගණනයක් අවශ්‍ය ය. නමුත් පලමුව ඒ සඳහා වන අන පනත් සම්මත කරගැනීමට නම් ඒවා කිරීමට සිටිනා දේශපාලන පක්ෂ වලට මූල්‍ය විනයක් සහ විගණනයක් පලමු කොට හඳුන්වා දිය යුතුව තිබේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *