රනිල් වික්‍රමසිංහගේ උභතෝකෝටිකය!

රනිල් වික්‍රමසිංහගේ උභතෝකෝටිකය!

පට්ට දේශපාලන වැඩ්ඩෙකුයි කියන බැසිල්ගේ ආගමනය රටතුල ඇති කලාට වඩා කැලඹීමක් කවදාවත් මොකකටවත් වැඩ්ඩෙක් නොවූ ගෝඨාභය රාජපක්ෂ විසින් රට තුල ඇති කලේ වෙන කාටදෝ කියා ලියා පලකල තමන්ගේ ජනාධිපතිධූරය තමන්ට අහිමි කලායැයි පවසන කුමන්ත්‍රණයක් ගැන කියැවෙන පොතක් එලියට දැමීමෙනි.
කවදත් කගේ හෝ ශෝකාන්ත වලට ප්‍රිය ලාංකික ජහමනයා නිසා බැසිල් යට ගියේය.

එහෙත් බැසිල් – මහින්ද දෙදෙනා 07 වනදා ජනපති රනිල් මුණ ගැසුනේය.  කථා බහේ තොරතුරු තවම එලියට පැමිණ නැතත්, මේ කථා බහ රනිල්ගේ ඉදිරි දේශපාලන දාම් පෙතේ ඊලඟට කරන move එක තීරණය කරන ඉරණම් සහගත එකක් වනු ඇති බව කිව හැක.

එක පැත්තකින් රනිල් හොරගල්  අහුලමින් සිටින්නේ සජිත් සමඟ දීගයකටය,  ඒ ජූලී චන්ග් ගේ කපුකමක් හරහාය. 
මේ දීගයට පෙරමං යාමක් හෙට අනිද්දා සිද්ද වීමට නියමිතය.  ඒ සජිත් – ජලනි ගේ දුව බැලීමට රනිල් යාමෙනි.  සමහර විට ඊට පෙර සජීත්ගේ මව වන හේමා ප්‍රේමදාස,  ජනපති බිරිඳගේ සුවදුක් සෙවීමට එම නිවසට යාමටද ඉඩ ඇත.

තමන්ගේ නමට ලංකා බැංකුවේ ඇති රුපියල් බිලියනයක් පමණ වන ණය පොල්ල මේ දීගය මතින් අමතක කරවා ගැනීමට සජිත්ගේ මිතුරා වන ලක්ෂ්මන් ෆොන්සේකා දත කට මැදගෙන බලා සිටියද  එය  ස්ථීර වීමට ඉඩක් නොමැත්තේ සජිත්ගේ කොහොමටත් තිබෙන නමුත් ලඟකදී සිට ඉහවහා ගොස් ඇති උද්දච්චකම සහ තමන් ස්ථීර ලෙසම ජනපති වෙනවා යැයි සිතා සිටීමය. 

ඒක නිසාම රනිල්ට බැසිල් ලා හරහා පොහොට්ටු සහය තමන්ට ලබා ගැනීමට අවශ්‍ය ය. නමුත් එතනදි පොඩි පරහවල් තුනක් ඇත.

එකක් නාමල් මේ වැඩේට විරුද්ධ වීමය.

අනික රනිල් , රාජපක්ෂ සරණ ගියහොත් ලංසා පිල රනිල් අතහැර යාමය.

භයානකම එක රාජපක්ෂ ලා ලංකරගෙන ඡන්දෙකට ගියහොත් ඇපත් නැති වන එකය.

කෙලෙස බැලුවද රනිල් ඉන්නේ උභතෝකෝටිකයකට මැදිවය.  නමුත් ඒ රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්ව සිහිනය අරබයා පමණි.
දේශපාලන බලය සම්බන්ධව පමණක් ගතහොත් රනිල්ට ඊට මෙහායින් මේ උභතෝකෝටිකය ලිහාගත හැකි මානයක් ඇති අතර ඒ වෙනුවෙන් දාම් පෙතේ ඉදිරියට තල්ලු කල හැකි ගැලපෙන ඉත්තන්ද නැතුවා නොවේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *