රනිල් සහ අනුරට සජිත්ගෙන් එකපාරම ටොකු දෙකක්

රනිල් සහ අනුරට සජිත්ගෙන් එකපාරම ටොකු දෙකක්

“යූඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවා”

රටක් ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න සමාජවාදට මාර්ගය නොවන බවත් සැබැ මාර්ගය වන්නේ ධනවාදය බව පවසන විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙහිදි වෙනස් වන්නේ යූැඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරන විට සමගි ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කිරීම බව ද පෙන්වා දෙයි.

“සජබ අපි විශ්වාස කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි”

සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය බවත් එය මානුෂීය ධනවාදය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

“මේ වන විට කැපකිරීම් සිදු කරන්නේ ධනපතියන් නොව වැඩකරන ජනතාවයි.”

මේ රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි සුපිරි ධනපතියන් අතහැර වැඩ කරන ජනතාව කරපිට බදු පැනවූ බවත් එය අමානුෂීය ධනවාදයක් බවත් බංකොලොත් රට තුළ කැපකිරීම් සිදු කළ යුතු වුවත් එම කැපකිරීම් සියල්ල වැඩ කරන ජනතාව කරපිට පටවා සුපිරි ධනවතුන් ආරක්ෂා කරන අමානුෂීය ක්‍රමවේදයේ සමගි ජන බලවේගය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සජබය සහ එජාපය අතර විශාල වෙනසක් පවතින බවත් මෙම පක්ෂ දෙක කිසිසේත්ම එකක් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (14) මාතර පැවැති සමගි ජන බලවේග ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්විමේ BLUE PRINT වැඩසටහන හා එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *