රනිල් සහ රාජපක්ෂ කල්ලි අතර ගැටුම වර්ධනය වෙයි. Lanka Truth වාර්තා කරයි.

රනිල් සහ රාජපක්ෂ කල්ලි අතර ගැටුම වර්ධනය වෙයි. Lanka Truth වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රනිල්වාදී කල්ලිය සහ රාජපක්ෂවාදී කල්ලිය අතර ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වූ ගැටුම් නැවත වටයකින් කරලියට පැමිණ තිබේ.

පසුගිය 03 වෙනි දින රනිල් පාර්ශවයේ මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ ප්‍රහාරයකින් කකුලක් බිඳී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ සියලු විස්තර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයකින් හෙළි කරන බව ය. එසේ ම, ජනාධිපති ලේකම් කාර්යාලයේ CCTV දර්ශන නිරීක්ෂණය කළ හොත් තමන්ට පහර දුන් ක්‍රියාවලිය හොඳින් ම දැක බලා ගත හැකි බව ද ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයට එරෙහිව රනිල් පිලේ මහින්දානන්ද අලුත්ගමගේ අද නාවලපිටියේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ අසත්‍ය චෝදනා එල්ල කිරීමට එරෙහිව නීතිය හමුවට යන බව ය. ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා වන නිලුපුල් රාජපක්ෂ ජනමාධ්‍ය යොදා ගනිමින් අවස්ථා ගණනාවකදී තමන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කළ බවද ප්‍රකාශ කර තිබේ.

Lanka Truth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *