රවී මහලේකම්කම ඉල්ලා තර්ජනයේ. රංගේ රවීට එරෙහිව. රනිල්ගේ අපේක්ෂකත්වය හමාරයි..!
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
අපට මූලිකම ප්රශ්නය මතුවන්නේ, රවී කරුණානායක වැනි පුද්ගලයෙකුගේ ලජ්ජාව සම්බන්ධයෙනි. රවී මුදල් ඇමැති ව සිටි වකවානුවේ ලංකාවේ සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතාවයක් වන බැඳුම්කර ගනුදෙනුව දැන් මහජන මතකයෙන් ගිලිහී යමින් තිබුණ ද, බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මුල් කර ගනිමින් රවීට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානමක් ද පැවතිණ. එමෙන්ම අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් කුලී නිවසක් සඳහා මුදල් ලබා දීම මුල් කර ගනිමින් ද, රවීට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබිණ. තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව ඔහු කිසිවක් නොදන්නා බබෙක් මෙන් පවසා තිබුණේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ය. කොමිසම හමුවේ පෙනී සිටි එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය කියා සිටියේ, කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවී කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බවය. බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවන්ගෙන් මෙසේ අල්ලස ලබා ගත් රවී දැන් කතා කරන්නේ කිසිත් නොදන්නා සුද්ධවන්තයෙකු ආකාරයෙනි. එවක යහපාලන ආණ්ඩුව බිඳ වැට්ටවීමට රවීගේ ක්‍රියාකලාපය ද, ප්රබලව බල පෑ බව අමතක වී දෝ දැන් යළිත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමට ඒමට සූදානමින් සිටී.
රවීගේ මේ රංගනය හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය සඳහා නොව, තමන්ගේ බල ලෝභය උදෙසා ම බව පසුගිය දා පුවතක් මගින් වාර්තා විය. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ ඉහළම බල අධිකාරිය ලෙස පත් කර තිබෙන කලමනාකරන මණ්ඩලය බරපතළ බෙදීමකට ලක්වී ඇති බව සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබිණ. මෙම බෙදීමට මුල් වී තිබෙන්නේ රවී කරුණානායක පක්ෂයේ මහා ලේකම් තනතුර හෝ නියෝජ්‍ය නායක තනතුර ඉල්ලා සිටීම නිසා බව එම වාර්තාවල දැක්විණ. රවී කරුණානායකට එරෙහි කඳවුරේ ප්‍රබලයන් අතර සාගල රත්නායක, වජිර අබේවර්ධන, පාලිත රංගේබණ්ඩාර යන අය සිටින බව එම වාර්තාවල සඳහන් කර තිබිණ. විශේෂයෙන් ම ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ රැස්වීම මහා ගාලගෝට්ටියක් වූ බව ය.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මෙසේ මහලේකම් තනතුර සඳහා රවී කරුණානායක සහ වත්මන් මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අතර ද්වන්ධ සටනක් ක්‍රියාත්මක වන තත්ත්වයක් ක්‍රියාත්මක වෙද්දී රවී කරුණානායක විසින් පක්ෂයේ මහලේකම් තනතුර තමන්ට ලබා දෙන ලෙස පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින අතර, එසේ මහලේකම් තනතුර නොදුනහොත් තමන් පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සමග පක්ෂය හැර යන බව රවී, රනිල් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය යටතේ, පක්ෂ අභ්‍යන්තරයේ පවතින මෙවන් ගැටුම් සහ කුලල් කා ගැනීම් මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව අවම තත්ත්වයක පවතින බව ද, වාර්තා වන අතර එම තත්ත්වය ද, වාසියකට හරවා ගනිමින් එකිනෙකා මුදුනා වීමේ තරගයක් ද, එජාප අභ්‍යන්තරයේ මතු වී තිබේ.
රවී කරුණානායක රනිල්ව මුරුංගා අත්තේ තබමින් ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව කියන්නේ, පක්ෂය අභ්‍යන්තරයේ තම පැවැත්ම තහවුරු කර ගනිමින් පක්ෂයේ මහලේකම් තනතුර බලාපොරොත්තුවෙන් බව පැහැදිලි ය. මෙවැනි නීල කාස හොරුන් වට කරගෙන සිටින නිසා ම රනිල් ට ආයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව බිංදුව දක්වා බසිමින් තිබෙන බව කිව හැකි ය.