රවී සෙනෙවිරත්න වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කරන්න. ඔහු පාස්කු විමර්ශනවල ප්‍රධාන චූදිතයෙක්.

රවී සෙනෙවිරත්න වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කරන්න. ඔහු පාස්කු විමර්ශනවල ප්‍රධාන චූදිතයෙක්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් රවී සෙනෙවිරත්න වහාම ඉවත් කළ යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රධාන චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න ජනාධිපති විමර්ශන කොමිසමේ (PCoI) වාර්තාවක් මගින් නම් කර ඇති බව ය.

අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල ප්‍රකාශ කළේ 2019 පාස්කු ඉරිදාට ආසන්න ප්‍රහාරයන් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය (SIS) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවෙන් හෙළි වී ඇති බව ය.

එම වාර්තාවේ 43 වෙනි පිටුවේ සඳහන් කර ඇති පරිදි, මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රමුඛ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

“කවුද මේ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා? ඒ වත්මන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතායි.”

“ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව නිකුත් කරන්න මම අද උදේ 10 වෙනකම් ජනාධිපතිතුමාට කල් දීලා තිබුණා. නියමිත කාලය අවසන් වී ඇති බැවින්, මම අද එක් වාර්තාවක් සහ දෙවැන්න ලබන සඳුදා හෙළි කරනවා, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *