රාජ්කුමාරි ඝාතන අපරාධය ගැන පොලිසිය සුධර්මාගෙන් ප්‍රශ්න කරද්දී ඇයගේ දුරකථනයෙන් පොලිසියට බලපෑම් කළ ලොක්කා කවුද..? සිද්ධිය බරපතලයි..!

රාජ්කුමාරි ඝාතන අපරාධය ගැන පොලිසිය සුධර්මාගෙන් ප්‍රශ්න කරද්දී ඇයගේ දුරකථනයෙන් පොලිසියට බලපෑම් කළ ලොක්කා කවුද..? සිද්ධිය බරපතලයි..!

සුධර්මා ජයවර්ධනගේ (පෙර විවාහයේ සුධර්මා නෙත්තිකුමාර) පැමිණිල්ලක් අනුව නිවසේ සිටි මෙහෙකාරිය ආර්. රාජ්කුමාරි නම් තිදරු මව පොලිසිය විසින් පහරදීමෙන් මිය යෑමේ අපරාධය පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරගෙන යන පරීක්ෂණයේ දී විත්තියේ සැකකාරියක හෝ සාක්කිකාරියක වන සුධර්මාගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී පොලිසිය බාර ඇමැති ටිරාං අලස් ඇයට දුරකථනයෙන් සහාය වෙමින් පොලිසියට බලපෑම් කරන ලදැයි වාර්තා වේ.

සුධර්මාගේ නිවසේ තිබූ රන් මුද්දක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් සුධර්මා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ආර්.රාජකුමාරි අත් අඩංගුවට ගත්තේ වැලිකඩ පොලිසිය විසිනි. පොලිසිය විසින් කළ අමානුෂික පහරදීම් හේතුවෙන් ඇය මිය ගියා ය. පොලිස් අපරාධය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව ඔහු යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය(SIU) විසින් දැන් විමර්ශන කරගෙන යයි. මේ ගැන විමර්ශන සීඅයිඩියට නොදී එස්අයියූ එකට දෙන්නේ ද සීඅයිඩිය බාර ඩීඅයිජී ප්‍රසාද් රණසිංහ දේශබන්ධුගේ සහචරයෙකු නිසාත් සුධර්මා දේශබන්ධු සහ ටිරාන් අලස් දෙදෙනාම අල්ලේ නටවන නිසා ත්ය. එස්අයියූ ව සුධර්මාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඒ අනුව ය.

ප්‍රශ්න නොකර සුධර්මා කියන දෙයක් ලියා ගන්න..

සුධර්මාගෙන් ප්‍රශ්න කරද්දී ඇය සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකු අමතමින් උපදෙස් ලබා ගනිමින් පිළිතුරු දී ඇත. පසුව පොලිස් පරීක්ෂකවරයා එසේ සිදුනොකරන ලෙස අවවාද කරද්දී පොලිස් පරීක්ෂකවරයාට ඇය කතා කරමින් සිටි පුද්ගලයාට අමතන්නට දී ඇත. එවිට එහා කොණින් අමතා ඇත්තේ පොලිසිය බාර ඇමැති ටිරාන් අලස් ය. ටිරාන් පරීක්ෂණයට ඍජු ලෙසම මැදිහත්වෙමින් බාධා කරමින් පරීක්ෂකවරයාට පවසා ඇත්තේ ‘ප්‍රශ්න නොකර සුධර්මා කියන දෙයක් ලියා ගන්නා’ ලෙසයි. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂකවරයා ඇමැතිවරයා තමාට කරන ලද බාධාව සම්බන්ධයෙන් ලොග් සටහනක් තබා තිබේ.

මෙය පැහැදිලිවම අපරාධ පරීක්ෂනයකට ඍජු ලෙස බාධා කිරීමකි.

කෙසේ වෙතත් මේ වන විට රාජ්කුමාරිගේ ඝාතනය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකු ස්ථාන මාරු කර ඇති අතර කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු තවත් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෙවැනිම සිදුවීමක් මීට පෙරද වාර්තා වී ඇති ඇත.

ටිරාන්ගේ වැඩේ බරපතලයි.. රාජ්කුමාරි අපරාධය ඊට වඩා දරුණුය. මන්ද ඇය මිය ගොසිනි. දේශපාලකයන් පොලිසියට බලපෑම් කරන බව ලංකාවේ අරුමයක් නොවුනද ඝාතන අපරාධයක දී දේශපාලකයෙකු ඍජුව විමර්ශන කරන නිලධාරීන්ට බලපෑම් කරන්නට යම් බියක් දක්වති. නමුත් ටිරාන්ට එවැනි බියක් හෝ තිබී නැත. පොලිසිය බාර ඇමැති ටිරාන් අලස් ඝාතන අපරාධයක සැකකරුවන්ට සහාය දක්වන්නෙක් බව සුධර්මාගෙන් ප්‍රශ්න කරන්නට නොදී බලපෑම් කිරීමෙන් තහවුරු වේ.

උපුටාගැනීම – ලංකාඊනිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *