රාජිත පරණ පුරුදු තැනට !

රාජිත පරණ පුරුදු තැනට !

රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් අදහස් පළ කළ රාජිත සේනාරත්න මහතා – ආර්ථික ක්‍රියාවලියෙහිලා මාලිමාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් , එකිනෙකා එකකට එකක් පටහැනි කථා කියන බවත් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන්නට යෙදුණේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ වාර්ෂික සම්මේලනයට ප්‍රධාන ආරාධිතයයකු ලෙස එක්වීමෙන් අනතුරුවය.

රජයේ දන්ත වෛද්‍ය සංගමයේ නියෝජතයන් ද, පසෙකින් තබාගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පක්ෂ වන ලෙස කථා කල දන්ත වෛද්‍යවරයෙකු වන රාජිත සේනාරත්න එහිදී ජවිපෙ මෙන්ම සජබ යද විවේචනය කරන්නට අමතක නොකළේය.

සජබ සභාපති සරත් ෆොන්සේකා එක පසෙකින් සජිත් ප්‍රේමදාසට පහර දෙද්දී රාජිත සේනාරත්න ද වෙනත් ආකාරයකට සජිත්ට එරෙහිව කටයුතු කරන තත්ත්වයක් යටතේ රජයේ දන්ත වෛද්‍ය සංගමය එහි නිල උත්සවයකට ඔහුව සම්බන්ධ කරවාගෙන තිබීම ගැන ද අදාල අවස්ථාවට එක්ව සිටි විශේෂයෙන්ම මාලිමාවට හිතවාදී දන්ත වෛද්‍යවරු අතර ඊට එරෙහි කසු කුසුවක් පැන නැගී ඇති බවද දැන ගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *