රාජිත 18 ක් සමග සජබ හැර යයි? රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

රාජිත 18 ක් සමග සජබ හැර යයි? රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

9 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය නුදුරේදී ම වාර අවසාන කිරීමක් සිදු වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. විශ්වාස කටයුතු මූලාශ්‍රවලින් පැවසෙන්නේ නව සභාවාරය ආසන්න වීමත් සමග පාර්ලිමේන්තු කාරක සභා සඳහා නව සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීමට නියමිත බවය. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කලක සිට බලා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ද කාරක සභා සභාපති ධුරයක් හිමිවීමට නියමිත අතර, එහිදී ඔහු නිල වශයෙන් සමගි ජන බලවේගය හැර යාමට නියමිත බව වාර්තා වේ.

රාජිත සේනාරත්න සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයක් දැරූ අතර, සරත් ෆොන්සේකා, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන්ම සජිත් ප්‍රේමදාස සමග පයිරුපාසානමෙන් ඉවත් වන මීළඟ ජ්‍යෙෂ්ඨයා වන්නේ සේනාරත්න ය.

රාජිත සේනාරත්න සමගි ජන බලවේගයෙන් නිල වශයෙන් ඉවත් වන්නේ තනිවම නොවේ. ඔහු සමග තවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් 18 දෙනෙක් පක්ෂය හැරයාමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ කණ්ඩායම් එකතු කරගෙන රාජපක්ෂවරුන්ගෙන් තොර සන්ධානයක් සෑදීමේ කටයුත්තේ නියැලී සිටින නිමල් ලංසා ඇතුළු කණ්ඩායම තම මංගල මහජන රැලිය ජනවාරි 27 වෙනිදා ජා ඇල නගර මධ්‍යයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙහි මූලිකත්වය නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් දරන අතර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, හා පියංකර ජයරත්න යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙම සන්ධානයේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කරයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 71 දෙනෙක් පමණ මෙම සන්ධානයට එකතු වීමට නියමිත අතර, සුළු පක්ෂ රැසක් සමග සිදු කළ සාකච්ඡාවේ දී ඔවුන් සඳහන් කර ඇත්තේ රාජපක්ෂලා සමග නම් කිසිම සන්ධානයකට එක්වීමට තමන් සූදානම් නැති බවය. එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ තමන් ඉදිරියේ දී කිසිම විටෙක ‘නමක් දිනවීම සඳහා ආයෙත් වැඩ නොකරන බව‍ ය, වැඩපිළිවෙළක් දිනවීම සඳහා කටයුතු කරන බව ය.

රාජපක්ෂලාගෙන් තොරව බිහි වන මෙම සන්ධානයට එක් වන ලෙස රනිල් ආණ්ඩුවේ තරුණ පොහොට්ටු ඇමැතිවරුන් කැඳවා ‘රාජපක්ෂ පවුලේ’ ප්‍රබලයෙක් විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ. පවුල්වලින් රට පාලනය කිරීම දැන් අවසන් විය යුතු බවත්, තවත් පරම්පරාවකට එය ගෙන යා යුතු නැති බවත් ඔහු පවසා තිබේ. ඒ අනුව, ‘ඔයාලා, ඒ සන්ධානයට එකතුවෙන්න’ යනුවෙන් මේ ප්‍රබලයා තරුණ දේශපාලනඥයන් පිරිසට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *