ලංසාලා – අමරවීරලාගේ එක කියන තරම්                     ලොකු  ද ???

ලංසාලා – අමරවීරලාගේ එක කියන තරම්                     ලොකු  ද ???

ලංසා ලාගේ සන්ධාන විලිරුදාවට සෑහෙන්න තරම් අතීතයක් තිබුන අතර එම වේදනාවේ මහා කෑගසීමක් මහින්ද අමරවීර විසින් අම්බලන්තොට දී සංවිධානය කර පවත්වන්නට යෙදෙන ජන රැලිය හරහා නැගිය හැක.
මේ කෑ ගැසීම හම්බන්තොටින් ආරම්භ වීම සංඛේතාත්මකව තීරණාත්මක වන අතරම ඒ ගැන විමසීම පසුවට තබා කිව යුතුව ඇත්තේ එහි හඬ රට පුරා රැව් නැගීම නොවැලැක්විය හැකි බවය.
ඊට හේතුව වන්නේ අම්බලන්තොට හැදෙන වේදිකාවට ගොඩ වන අය රට පුරා දිස්ත්‍රික්ක වල යම්කිසි ජන පදනමක් පක්ෂ භේදයකින් තොරව ගොඩ නගා ගත්තවුන් වීමය.

ඇයි අම්බලන්තොට රැස්වීම තීරණාත්මක වෙන්නේ ??
කරුණු කීපයකින් එය එසේ වනු ඇත.
මෙතෙක් ලංසා පිල ලෙස පැවති නිමල් ලංසා මන්ත්‍රීවරයාට අමතරව අනුර යාපා , සුසිල් ප්‍රේමජයන්ත… වැනි කීප දෙනෙක් පමණක් සිටි කණ්ඩායම තීරණාත්මක ලෙස ශ්‍රිලනිප මෛත්‍රීපාල පාර්ශ්වය නොවන සාතිශය බහුතරයක් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායම සමඟ සහ රාජපක්ෂවරුන්ගෙන් ගැලවීමට මාන බලා සිටින ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් මෙම අම්බලන්තොට රැලියේදී ඒකාබද්ධ වීම දැන් කාලයක් පුරා ගොඩ නැගෙමින් තිබූ  “” සන්ධානයක් හරහා සන්ධානයක ට “” පදනම දමනු ලැබීම මේ හරහා සිදු වනු ඇත.

එමෙන්ම මේ රැලියට සැලකිය යුතු ජනකායක් එකතු වීමට නියමිත අතර අමරවීර මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ එය 12000 ක් පමණ වනු ඇති බවයි.  මෙම කරුණ තුල ප්‍රමාණය මෙන්ම ගුණයද ගැබ්ව ඇති බව සැලකිල්ලට ගත යුතුය.
මන්ද ඒ හරහා දෙන ඉඟිය සුළුපටු එකක් නොවන නිසාය.
මේ අම්බලන්තොට ය, හම්බන්තොට දිස්ත්‍රික්කය යනු රාජපක්ෂලාගේද  ජනතා විමුක්ති පෙරමුණේ ද
සජිත්ගේද විජය භූමියයි.  මේ කඳවුරු තුනේම බලය පෙන්වන දිස්ත්‍රික්කය වන හම්බන්තොට හිතා මතා තෝරාගෙන දැවැන්ත සෙනගකින් රැලියක් කිරීමෙන් රටට පෙන්වා  දෙන්නේ  Facebook හෝ TV වල හෝ සමීක්ෂණ හරහා මොන මැජික් පෙන් වුවද භූමියේ දේශපාලනය තවමත් ධ්‍රැවීකරණය වී නොමැති සහ විවෘත එකක් බවය.
මේ පණිවිඩය රටේ ඡන්දදායකයා මතු නොව මෙතෙක් තම ඉදිරි දේශපාලන ගමන ගැන තීරණයක් ගෙන නොමැති රටේ ප්‍රධාන සහ ජාතික මට්ටමේ දේශපාලන නායකයන්ට ද මෙම ගොඩ නැගෙන සන්ධානය හරහා දේශපාලනය තෝරන්නට බල කෙරෙන එකක් වනු ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද මෙම රැලිය තීරණාත්මක එකක් වනු ඇත්තේ තමන්ට අත දුන්න රාජපක්ෂලා අතහරින්න ට මේ හරහා ගොඩ නැගෙන සන්ධානය බලකරනු ඇති නිසාය. මන්ද මෙම සන්ධානය සාර්ථක වනවා යනුම පොහොට්ටුවේ පෙති රැසක් රාජපක්ෂවරු හැර යාමය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ තව දුරටත්  කෑම මේසයක් වටා පුටු වලට සීමා වන රාජපක්ෂ පොහොට්ටුව සමඟ නොසිටිනු ඇත.  නමුත් රනිල් වික්‍රමසිංහ ට එක පරහක්ද ඇත, ඒ ඔහු මෙම සන්ධානය හරහා ගොඩ නැගෙන සන්ධානයට එකතු වන්නේ කුඩා UNP එකේ නායකයා ලෙස මිස ජනාධිපතිවරයා ලෙස හෝ එහි ජනපති අපේක්ෂකයා ලෙස නොවීමයි.    

                         එනම් මෙම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගනු ඇත්තේ ජූලි මස ජනාධිපතිවරණය කැඳ වූ පසු බිමක එවිට මතු වී ඇති තත්වයන් මත බවද ලියා තැබිය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *