ලන්සලාගේ දේශපාලන කවන්ධයට ‘ඔළුවක්’ බද්ධ කළ යුතුව ඇත!

ලන්සලාගේ දේශපාලන කවන්ධයට ‘ඔළුවක්’ බද්ධ කළ යුතුව ඇත!

නමුත් සජිත්ලාගේ මේ කාන්තා රැස්වීම ලන්සලා කොළඹ හයිඩ් පිටියේ කළ මහජන රැලියෙන් වැසී ගියේය.  ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය සියල්ලක්‌ම පාහේ වාර්තා කර තිබුනේ මේ ලන්සලාගේ රැලියයි.
දැන් කවුරුත් කරන්නා වාගේම සෙනග අද්දවා තිබුණේ බස් වලින් වුවත් සෑහෙන්න ජනතාවක් රැලියට පැමිණ සිටියා පමණක් නොව පොහොට්ටුවේ රාජපක්ෂලාගෙන් මිදුන පළාත් සහ ප්‍රාදේශීය සභා මට්ටමේ මන්ත්‍රීවරුන් මෙන්ම සැලකිය යුතු භික්ෂූන් පිරිසක් ද රැස්වීම නියෝජනය කළේ රාජපක්ෂලාගේ කකුල් මාට්ටු වලට අසු නොවීය.

ගෝඨාභය ගේ පුද්ගලික ලේකම් සුගීස්වර ලන්සලාගේ කණ්ඩායමට එකතු වී සිටි අතර, ඔහු ජා ඇල පළමු රැස්වීමට එක්ව සිටියේ ය.  එතැන් සිට ඔහුට දැඩි පීඩනයක් රාජපක්ෂවරු එල්ල කළ අතර, ප්‍රතිපලය වූයේ ඔහු ලේකම් ධූරයෙන් ඉවත් වීම සහ මෙම කොළඹ රැලිය සංවිධානය කිරීමයි.

දේශපාලන සමාජය තුළ ගොඩ දෙනෙක් ලන්සා පිල හඳුන්වන්නේ රනිල් වික්‍රමසිංහ හිතවාදීන් ලෙස වන අතර, මේ රැස්වීම් මාලාව නාමකරණය කර තිබුනේ රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ ආරම්භය ලෙස ය.

නමුත් ජා ඇල රැස්වීමේදීත්, කොළඹ හයිඩ් පිටියේ රැස්වීමේදීත් ලන්සා පිලේ ප්‍රධානීන් වන නිමල් ලන්සා හෝ අනුර ප්‍රියදර්ශන යාපා හෝ සුසිල් ප්‍රේමජයන්ත හෝ රැස්වීම් ඇමතීමේ දී තම කථා තුළ රනිල් ගේ ගුණ වැයීමක් තියා රනිල් ගැන සඳහනක් හෝ නොකිරීමට වග බලාගෙන තිබුණි.

එය අහම්බයක් හෝ  හුදු අමතක වීමක් නොව හිතාමතා කළ දෙයක් කියා දන්නෝ දනිති.

ඒකට හේතුව නම් ඔවුන් තවම රනිල්ට ඉදිරි ජනාධිපතිවරණය තුල සහය දීමට නිශ්චිතව තීරණය කර නොමැතිවීමයි. 
රනිල් වික්‍රමසිංහ තීරණාත්මක ලෙස රාජපක්ෂවරු අත් නොහරින්නේ නම් තමන්ගේ සහය ඔහුට නොලැබෙන බව ලන්සා, අනුර, සුසිල් දන්වා ඇත.

කෙසේවෙතත් මේ ලන්සලාගේ රැස්වීම , සජිත්ගේ මහනුවර රැස්වීම,  UNP එකේ කෑගලු රැස්වීම ආදිය හරහා මෙතෙක් ජවිපෙට විතරයි පුලුවන්, ජවිපෙට සෙනග හෝ ගාලා යන්න තිබූ මතය පුපුරා ගොස් ඇත. මේ හැම රැස්වීමක සෙනඟ සිටි අතර, සෙනඟ පෙන්වීම ජනාධිපතිවරණ රේස් එක තුල තව දුරටත් තීරණාත්මක සාධකයක් නොවනු ඇත.

ඒ අර්ථයෙන් ගත්විට ලන්සලාගේ රැස්වීම ද සෙනග අතින් අති සාර්ථක වුවත්,  උද්වේගකර දේශපාලන කථා වලින් පිරී තිබුනත් හුදු දේශපාලන රැලියකින් එහා ගිය කිසිවක් එය ජනිත කලේ නැත. ඒ තුළ රටේ ආර්ථික, දේශපාලන, සමාජ ගැටලු වලට විසඳුම් හෝ වැඩපිලිවෙලක් තියා අවම මට්ටමේ උත්තරයක් හෝ නොතිබිණ.
(එවැන්නක් ඉතින් අනිත් රැස්වීම් වල ද තිබුනේ නැත)

ඒ නිසා ලන්සලා ගැන පමණක් ගතහොත් ආරම්භයේ දී ම පිම්බී ඇති ඔවුන්ගේ දේශපාලන කවන්ධයට ඉක්මණින් ම ඔළුවක් සවිකර ගත යුතුව ඇත. නැතිනම් හුදු දේශපාලන ආශ්වාදයකින් එහා කිසිවක් ඉන් ජනිත නොවනු නොඅනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *