ලොරි ටෝක් බැසිල් හොරෙන්ම රනිල්ගෙන් Appointment එකක් ඉල්ලයි. නාමල් බැසිල් ගැටුම ළඟදීම එළිපිට

ලොරි ටෝක් බැසිල් හොරෙන්ම රනිල්ගෙන් Appointment එකක් ඉල්ලයි. නාමල් බැසිල් ගැටුම ළඟදීම එළිපිට

මේ දවස්වල මහ පාන්දර ජාමෙටත් තියෙන්නේ අධික රස්නයක්. ඒත් ඊටත් වඩා අධික රස්නයකින් දේශපාලන ලෝකේ රත්වෙලා තියෙන්නෙ. ඒකට හේතු බොහොමයක් තියෙනවා. මේ වෙනකොට දේශපාලනේට සම්බන්ධ පිරිස් වගේම රට වැස්සොත් මේ වසරේ ජනාධිපතිවරණයක් සහ මැතිවරන කිහිපයක් පැවැත්වෙනවා කියන එක දැනගෙන අවස්ථාව එනකම් බලාගෙන ඉන්නේ රිටන් එක දෙන්න.

පොදුජන පෙරමුණේ බලය බෙදා ගන්නා දිය යටින් ගින්දර ගෙනියමින් එකම පවුලේ ඥාතීන් ම කටයුතු කරනවා කියන එකත් දැන් දැන් ටික ටික කලඑලි බහිමින් තියෙනවා. හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අවශ්‍ය වෙලා තියෙනේ මේ වෙනකොට තම පවුලට ඇතිවෙලා තියෙන ජන අප්‍රසාදය, ජන ප්‍රසාදයක් කරගන්නයි. මහින්ද රාජපක්ෂයන්ගේ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිමට සමතලා කරන්න හිතාගෙන නිල් බලකාය හැදුව වගේ නාමල් රාජපක්ෂ මෙදා පාර දස බල සේනා කියලා අලුත් වැඩසටහනකුත් පටන් අරගෙන තියෙනවා.

ඒ වැඩසටහන පහුගිය දවසක ගම්පහ දී පවත්වලා තියෙනවා. ඒ වැඩේට ගම්පහින් සහාභාගී වෙලා තියෙනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ විතරයි. ගම්පහ නියෝජනය කළ පොහොට්ටුවේ ප්‍රබලයෙක් සහ ප්‍රබල මහින්ද රාජපක්ෂ වාදියෙක් වුනු අමාත්‍ය ප්‍රසන්න රණතුංගත් දැන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන සුදු ලූණු පොඩි කරන ආකාරයෙන් පැත්ත මාරු කරලා තියෙන බව රටේ ඕනෑම කිරි සප්පයෙකුට වුනත් තේරුම් යන කාරණයක්. නාමල් රාජපක්ෂ පොහොට්ටු බලය අල්ලගෙන රටේ නායකයා වෙන්න උත්සාහ කරද්දී බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ඉඳලා නැවතත් ලංකාවට පැමිණෙන බව යූ ටියුබ් නාළිකාවක සාකච්ඡාවකදී රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග පවසා තිබෙනවා.

බැසිල් එන්නේ රටේ නායකයා වෙලා රට ගොඩනගන්න කියලත් උදයංග වීරතුංග කියනවා. ඒ වගේම එදාට ගුවන් තොටුපොළට වජිර අබේවර්ධනත් එනවා කියලා කැට තියලා උදයංග වීරතුංග කියනවා. ඒ කියන්නේ රනිල්ගේ ළඟම කෙනෙක් වන වජිර බැසිල්ව පිළිගන්න එයාර්පෝර්ට් එකට යන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් පැන නැගුනේ නැත්නම් තමයි පුදුමයක් වෙන්නෙ.

බැසිල් රාජපක්ෂ රටේ දේශපාලනය වෙනස් කළ කෙනෙක් කිව්වට බැසිල් රාජපක්ෂ ගැලරි එකට පොර ටෝක් දුන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක පළවෙනි ඩීල් එක දාලා කියලයි ආරංචිය. අන්න ඒ ඩීල් එක දාගන්න අවශ්‍ය කරන ඇපොයිමන්ට් එක දාගන්න හදන්නේ වජිර අබේවර්ධන හරහා.
ජනතා බලයක් නැතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුව භාර කළ බැසිල් රාජපක්ෂට අවශ්‍ය වෙන්නේ නැවතත් රනිල් ජනපති විදියට තියාගෙන අගමැති වෙන්නයි.

ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් තමන්ට නෝ චාන්ස් කියලා දන්න නාමල් රාජපක්ෂ රටේ නායකයා වෙන්න දකින සිහිනය වෙත පියවර තැබීමට පලමු පියවර තියන්නයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ පොහොට්ටුවට ඇති ජන අප්‍රසාදය ගැන නාමල් රාජපක්ෂ හොඳටම දන්නවා. අන්න ඒ නිසා නාමල් රාජපක්ෂ මේ වතාවේ උත්සාහ කරන්නේ විපක්ෂ නායකයගේ භූමිකාවට පණ පොවන්නයි.

ඒත් ඒකට නාමල් රාජපක්ෂට තියෙන එකම බාධාව තමන්ගේ බාප්පා බැසිල් රාජපක්ෂ බව නාමල් දන්නවා. ඒ වගේම නාමල් රාජපක්ෂ රටේ නායකත්වයට පත් කරන්න මහින්ද රාජපක්ෂ වගේම ශිරන්ති රාජපක්ෂත් සිහින දකින බවත් තමන්ට බලයට ඒමට කිසි විටෙකත් ඔවුන් ඉඩ නොදෙන බවත් බැසිල් රාජපක්ෂ හොඳාකාරවම දන්නවා.

තමන්ගේ අගමැති සහ ජනපති සිහිනයට යෑමට නම් රනිල් වික්‍රමසිංහ නැමති පාලම පාවිච්චි කළ යුතු බව දන්න බැසිල් රනිල් ගේ අගමැති වෙන්න මේ සැරේ අනිවාර්යෙන්ම ඩීල් එකක් ඒකන්තයෙන්ම දැමිය යුතුමය.

ඒත් නාමල් විපක්ෂ නායක වීමට දකින සිහිනය තම බාප්පා බැසිල් රාජපක්ෂ නිසා කිසි විටෙකත් අතහැර ගන්නේ නැත.
කෙසේ වෙතත් පවුල වෙනුවෙන් හැදූ පොහොට්ටුවේ බලය වෙනුවෙන් පවුලේ පවුලේ උදවියම දැනට එළිපිට කා කොටා නොගත්ත ද ඒ දවස ද ඉතා මෑතකදීම සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *