විදුලිය බිල ඉහළ නැංවීමෙන් ලංවිමයට කෝටි ගණන් අමතර ලාභ. මහජනතාවට හුළං..!

විදුලිය බිල ඉහළ නැංවීමෙන් ලංවිමයට කෝටි ගණන් අමතර ලාභ. මහජනතාවට හුළං..!

ලංකා විදුලිබල මණ්ඩලය හැමදාම කියන්නේ පාඩු පිට දුවන බව ය. පාඩු පිට දුවන්නට බැරි නිසා පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතු බව ආණ්ඩුව නිතර කියයි. පාඩුව පියවගන්නට කියා විදුලි බිල වැඩි කරයි.

එහෙම විදුලි බිල වැඩි කළ එක අවස්ථාවකි සැප්තැම්බර් මාසය. 2023 සැප්තැම්බර් මාසයේ විදුලිය බිල වැඩි කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලද අතිරේක ලාභය කෝටි 6000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දුන් අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ද විරෝධය නොතකා ඔහුව තනතුරෙන් ඉවත් කර විදුලිය බිල ඉහළ දැමීමට විදුලිබල ඇමැති කංචන විජේසේකර ප්‍රමුඛ රජයත්, විදුලිබල මණ්ඩලයත් කටයුතු කළේය.

එසේ විදුලිය බිල ඉහළ නැංවීමෙන් අනතුරුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකූල වන්නට යැයි කියමින් මූල්‍ය අරමුදලේ නම ඇපයට තබා යළිත් විදුලිය බිල වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කරන්නට යෙදුණේ කිසිදු ලැජ්ජාවකින් තොරව ය. කෙසේවෙතත්, සැප්තැම්බර් මාසයේ සිදු කළ විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් විදුලිබල මණ්ඩලය ලද අතිරේක ලාභය සාමාන්‍ය මහජනතාවට නම් ප්‍රතිලාභයක් ලෙස ලැබුණේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *