විපක්ෂයේ ‘තුන් බිය’ නිසා රනිල්ට ආයෙ එන්න වෙයි ද?

විපක්ෂයේ ‘තුන් බිය’ නිසා රනිල්ට ආයෙ එන්න වෙයි ද?

ඒ කවුද කියලා නිකමටවත් හිතුවද..?

හිතන්නකෝ සමගි ජනබලවේගේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කළා කියලා. ඒත් ඊට පස්සේ නිවාස ආමාතාංශයක් කරගන්න බැරි වුනු කෙනෙක් රට කොහොමද කරන්නෙ කියන බව එයාගේ ඇතුලාන්තයෙන් ම සජිත්ට තියෙනවා.. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මය පැනලා ගිය වෙලාවේ රට භාරගන්න සජිත් කටයුතු නොකොට මහනුවර ඉඳලා කොළඹට එනකම් කාක්කෙක් උස්සන් ආවේ,…

ඒ වගේම තමයි ජාතික ජන බලවේගේ අනුර කුමාර දිසානායක මහත්මයා. එයත් හිටපු ජනපතිවරයා පැනලා ගිය වෙලාවේ රට භාරගන්න බය වුනා..ඒක අනුර මහත්තයා හොදටම දන්නවා. රුසියාවෙ හිටපු තානාපති උදයංග වීරතුංග මහත්මයා චමුදිත සමරවික්‍රම මහත්මයගේ යූ ටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් බොහොම පැහැදිලිව කියනවා. රට කරවන්න භාරගන්න රුසියාවෙන් තෙල් අඩුවට ගෙන්නලා දෙන්න පුලුවන්ද කියලා අනුර මගෙන් ඇහැව්වා මම හා කිව්වා කියලා ඔහු බොහොම පැහැදිලිව කියනවා …ඒත් අනුර කුමාර මහත්තයා එවෙලෙ රට භාරගන්න බැරිවුනා වගේ තමයි මැතිවරණයකින් ජයග්‍රහණය කළත් රටක් කරවන්න වැඩපිළිවෙලක් ඒ පක්ෂයට නැහැ කියන එක බොහොම පැහැදිලියි… එයාලට අවශ්‍ය හැමදාම රට කරන ඇත්තන්ටයි විපක්ෂෙටයි බැන බැන සහ හොරු හොරු කියා කියා ඉන්න විතරයි..මොකද ඒක හරි පහසුයි.. ඒකත් ඔවුන් රැකෙන එක විදියක් බව පේන්න තියෙන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ ඉදලා කරලා තියෙන්නෙ බැන බැන ඉන්න එක කියන එක ඒ කාලේ ඒ පක්ෂෙ නායකයෝ කරන කතාවල් සහ දැන් ඉන්න නායකයෝ කරන කතාවලිනුයි හොඳට පේනවා. මොකද එකම කාරණා ටිකකට බනිනවා.. බැනුම් අහන පාලක සහ විපක්ෂයේ නියෝජනය කරන අයගේ නම් විතරයි වෙනස්. ඉතිං කතා කරන විදියට රට භාරගෙන කරන්න බැරිවුනොත් වසලා හමාරයි කියලා අනුරලත් දන්නවා. ඒකනෙ කිව්වෙ ‘අපිට පහක් දීලා බලන්න, වැරදුනත් පහයි නෙහ්’ කියලා

ඊගාවට කියන්න හදන්නේ තව එක්කෙනෙක් ඉන්නවා බන්දේසියක තියලා අතට ගෙනල්ල දෙයි කියල බලාගෙන. රට හදන්න හිතේ තියෙනවා ක්‍රම ඒත් එයා කොහේවත් කියන්නේ නැහැ මට මේ රට භාරදෙන්න මෙන්න වැඩපිළිවෙළ මම මේකට සුදුසුය කියලා …මම කරනවා නැත්නම් මම කරන්නේ නැහැ නොකිය වැටේ උඩට වෙලා එයා ඉන්නවා බලාගෙන අතට ගෙනල්ලා දෙනකම්…එයා තමයි චම්පික රණවක…රටේ නායකයා වෙන්න හිතේ ආසාව තියෙනවා. රට කරවන්න සැළසුම් සහ ක්‍රමවේදයන් තියෙනවා කියනවා. ඒත් ඔක්කොම තියෙන්නෙ හිතේ…මොකද එයත් යටි හිතෙන් බයයි මම මේක කරන්න ගත්තට අනිත් අයගෙන් මට සහයෝගයක් ලැබෙන එකක් නැහැ කියලා. හරි යන්න හෝ වරදින්න නෑ මම මේක කරනවා මට ජනපති වෙලා මේ රට හදලා මිනිස්සුන්ට සහන දෙන්නත් පුළුවන් කියලා කෙළින් තීරණයක් ගන්න බයෙන් මහා වෘක්ෂයක් වෙන්න පුළුවන් මනුස්සයෙක් පොඩි හුළගටත් වැනෙන රිටක් වෙලා ඇල් වතුරත් නිවලා බොන මට්ටමට ඉන්නෙ නැතුව කෙලින් තීරණයක් අරන් මම ජනපති වෙනවා මේ රට හදන්න ගොඩ නගන්න මට පුළුවන් කියන්න චම්පිකත් බයෙන් ඉන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *