විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් COPE කමිටුව වර්ජනය කරයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් COPE කමිටුව වර්ජනය කරයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ සමගි ජන බලවේගය මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *