ශම්මි ද රොෂාන් ද තවමත් ගිනි

ශම්මි ද රොෂාන් ද තවමත් ගිනි

තමන් කිසිසේත්ම මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි.

එමෙන්ම විපක්ෂයට එක්වීමටද තමන්ගේ කිසිදු අදහසක් නැති බව ද හෙතෙම පවසයි.

එය ආණ්ඩුවට ඡන්දය දුන් හැට නම ලක්ෂයක ජන්දදායකයන් ගේ මතයට පයින් ගැසීමක් බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එය කල හැකි බවද ඔහු කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය හා ජනාධිපතිවරයා යනු දෙකක් මිස එකක් නොවන බවද කී ඔහු ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයන් සෑමවිටම ජනාධිපතිවරයා ගේ මතය ප්‍රකාශ නොවන බවත් තව දුරටත් පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතාට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මෙම විරෝධතා සංවිධානය කර ඇත.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන්ගේ නගරයේ සිට සේවා ස්ථානවල ඉදිරියට පැමිණ හෝ හැකි ආකාරයට මෙම විරෝධතාවට සම්බන්ධ වන ලෙසයි.

මෙහි ප්‍රධාන විරෝධතාවය කොළඹ ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *