ශ්‍රීලනිපයේ අලුත් නිමල්!! Lanka Truth වාර්තාව

ශ්‍රීලනිපයේ අලුත් නිමල්!! Lanka Truth වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ යැයි කියන ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර දෙදෙනා පරාජය කරමින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉදිරියට පැමිණෙමින් සිටින බව Lanka Truth වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අති බහුතරයක් මේ වනවිට විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බව ඔහු විසින් ම ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහ අනෙකුත් ආගමික නායකතුමන්ලාද තමන්ගෙන් බලවත් ඉල්ලීමක් කරමින් පවතින බව මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ පත් කරන ලද ජනාධිපතිගේ අධිකරණ ඇමති ලෙස පත්කර ගෙන සිටින්නේ ද විජේදාස රාජපක්ෂ වන අතර මෙම ආණ්ඩුවේ ජනතා විරෝධී මර්දන අණ පනත් සකස් කිරීමේ මූලිකයෙකු වූ අතර රටේ සම්පත් විකිණීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාවලට පක්ෂව මේ දක්වා ඡන්දය පාවිච්චි කිරීම ද සිදු කරමින් සිටී. එමෙන් ම විජේදාස රාජපක්ෂ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී එය පරාජය කිරීමට ඡන්දය පාවිච්චි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *