සජබයේ ගොඩහේවාට තැනක් නැද්ද? අපේ ආර්ථික ඒකකයේ ගොඩහේවා නැහැ!

සජබයේ ගොඩහේවාට තැනක් නැද්ද? අපේ ආර්ථික ඒකකයේ ගොඩහේවා නැහැ!

නාලක ගොඩහේවා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. තමන්, එරාන් සහ කබීර් සමගි ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමිනි. ඊට අමතරව ‘බ්ලූ ප්‍රින්ට්’ වැඩසටහන සඳහා රොහාන් පල්ලෙවත්ත ද එක්වී සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

නාලක ගොඩහේවා සජිත්ව ආශ්‍රය කරන්න අරගෙන අවුරුදු එකහමාරක් පමණක් වුවත්, තමන් සජිත්ව දන්නේ පාසල් යන කාලයේ සිට බවත්, සජිත්ගේ ආර්ථික දැක්ම සම්බන්ධයෙන් තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මින් පෙර නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාසට ඇත්තේ තමන් හා සමාන ආර්ථික දැක්මක් බව ය. රට බංකොලොත් බවට පැමිණවූ ගෝඨාභය රජයේ සිටි ප්‍රබල ඇමැතිවරයෙකි නාලක ගොඩහේවා! ගොඩහේවා එහිදී සඳහන් කළේ සමගි ජන බලවේගය තුළ සිටින සමහරුන් රනිල් වගේ හිතන ආර්ථික ඔස්තාර්ලා බව ය.

මේ අයුරින් සමගි ජන බලවේගය තුළ සජිත් ළඟ හිඳිමින් ගොඩහේවාලා විසින් හර්ෂ, කබීර්, එරාන් ලාට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක කරගෙන යන බව පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *