සජබ කඩමින් ෆොන්සේකා ජනාධිපතිකමට තරග කරයි..? සහායට සජබ පිරිසක්..? ජූනි මාසයේ නිවේදනයක්..?

සජබ කඩමින් ෆොන්සේකා ජනාධිපතිකමට තරග කරයි..? සහායට සජබ පිරිසක්..? ජූනි මාසයේ නිවේදනයක්..?

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

සමගි ජන බලවේගයේ වත්මන් සභාපතිවරයා වන ෆොන්සේකා ජුනි මාසයේදී ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට ද ෆොන්සේකා සමත් වී ඇති අතර අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන් සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය දූෂණයෙන් තොර රටක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි ඩේලි මිරර් වාර්තා කර තිබේ.

‘අරගලය’ උද්ඝෝෂණයේදී හිටපු හමුදාපතිවරයා පාරට බැස්ස අතර ඒ අවස්ථාවේ ඔහුට ලැබුණු සහයෝගය මත ඔහු ගමන් කිරීමට බලාපොරොත්තු වේ.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු බුද්ධිමතුන් සහ ප්‍රමුඛ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ.

යුද්ධය පිළිබඳ පොතක් එළිදැක්වීමත් සමඟ හිටපු හමුදාපතිවරයා තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමට උත්සාහ කරනු ඇතැයි ඩේලි මිරර් වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ග්‍රන්ථයෙන් ගැටුමට අදාළ තොරතුරු සහ එවකට යුද හමුදාපතිවරයා ලෙස ඔහු ඉටුකළ කාර්ය භාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයකු ලෙස; ෆොන්සේකා මහතා හමුවීමට උත්සාහ කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ෆොන්සේකා මහතා වික්‍රමසිංහ මහතා හමුවීම ප්‍රතික්ෂේප කර නැති නමුත් තමන් ජනාධිපති ධූරයට තරග කිරීමට ගත් තීරණය ඉල්ලා අස්කර නොගන්නා බව පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරයා මේ වන විටත් ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ සාකච්ඡා කළ කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි නොකරමිනි.

ෆොන්සේකා මහතා රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සමඟ නිල නොවන සාකච්ඡා පවත්වා තමාගේ ඉදිරි නිවේදනය පිළිබඳ ඔවුන් දැනුවත් කළ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මූලාශ්‍රයට අනුව, ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කිරීමට ෆොන්සේකා තම අභිප්‍රාය පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *