සජබ රණවිරු සම්මේලනයට යුද සෙන්පති ෆොන්සේකා නෑ!

සජබ රණවිරු සම්මේලනයට යුද සෙන්පති ෆොන්සේකා නෑ!

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි රණවිරු බලවේගයේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය කළුතර පැනරාමා උත්සව ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණේ ය.

මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් එක්වී සිටියහ. කළුතර රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා ය.

නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට සිටියේ නැත. ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායකයා ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම තනතුර දරන්නා ය. එමතු ද නොව, 30 වසරක යුද්ධය ජයග්‍රාහී ව නිමා කරන්නට නායකත්වය ලබා දුන් යුද හමුදා සෙන්පතියා ය. එසේ තිබියදී රණවිරු සම්මේලනයට ෆොන්සේකා නැත.

කලක පටන් සජිත් ප්‍රේමදාස මග වෙනුවට ෆොන්සේකා වෙන ම රැස්වීම් පවත්වන්නේ ය. ප්‍රේමදාසගේ ‍රැස්වීම්වලට ෆොන්සේකා එන්නේ නැත. කොටින් ම සජිත්ගේ නායකත්වය ෆොන්සේකා පිළිගන්නේ නැත.

මෙම රණවිරු බලවේගය නිර්මාණය කොට ඇත්තේත් සරත් ෆොන්සේකා මහතා යටතේ නොව, එම පක්ෂයේ මහ ලේකම්වරයා යටතේ බවයි ආරංචිය.

යුධ සෙන්පතියෙකු ලෙස මහජනයා අතරෙ ෆොන්සේකාට ඇති ජන ප්‍රසාදය සජබ නායකයාට ප්‍රශ්නයක් වී ඇත්දැයි සැක සිතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *