සජිත් කල් ඉකුත් වූ කෑලි මූට්ටු කරන විට සජබ වාහනයේ Original Parts ගැලවේ.

සජිත් කල් ඉකුත් වූ කෑලි මූට්ටු කරන විට සජබ වාහනයේ Original Parts ගැලවේ.

නමුත් මේ එකතු කර ගන්නා අයගේ “කොලිටිය” පිළිබඳ එම පක්ෂයේ ඇතැම් නායකයන් විවිධ ආකාරයේ නිර්ණායක ඉදිරිපත් කරන ආකාරය ද දක්නට ලැබුණි.

මේ අතරින් ඉදිරියෙන්ම සිටියේ පා.ම හර්ෂ ද සිල්වාය. ඔහු ප්‍රකාශ කොට තිබුනේ දූෂිතයන් හෝ ඒවාට සම්බන්ධ අය අපේ පක්ෂයට වද්දා ගන්නේ නැති බවය.

නමුත් හර්ෂ ව පයිසෙකට මායිම් නොකල සජිත් නාලක ගොඩහේවා වැනි නීලකාස හොරෙක් ගම්පහෙන් තම පක්ෂයට සම්බන්ධ කර ගන්නා ලදී.

එළිපිට නොවුන ද ඉතාම ඉක්මණින් ම මේ තත්ත්වය සජබ අභ්‍යන්තරය නාය යාමකට හේතු වනු ඇති බවට ඉඟි පලවෙමින් ඇත. මන්ද UNP එක කඩාගෙන සජිත් වෙනුවෙන් එලියට පැමිණ පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දිස්ත්‍රික්ක ආසන ආදිය සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ සිහිනය වෙනුවෙන් පැරෂුට්කාරයන්ට බිලි දීමට ඔවුන්ට සිදු වී තිබීම ඔවුන්ගේ කණස්සල්ලට හේතු වී ඇති වීමය.

මේ හේතුව නිසාමදෝ ඇතැම් තර්ජනයට ලක්වන දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් වෙනත් පාර්ශව සමඟද සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත. එවැනි සිදුවීමක් පෙරදින රාත්‍රියක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු වී තිබිණ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන මහාචාර්ය අශූ මාරසිංහ, සජබ ගම්පහ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමඟ රහසිගත සාකච්ඡාවකට එක් වී ඇති බව අපට වාර්ථා වේ. එහිදී ඔහු තම කලකිරීම ආශු මාරසිංහ වෙත දක්වා ඇති අතර, පැරෂුට්කාරයන් නිසා තමන් ඇතුලු මන්ත්‍රීවරු අවදානමක ට වැටී ඇති බව පවසා ඇත. නමුත් කාවින්ද ජයවර්ධන ට පැන නැගී තිබූ ගැටළුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට පිවිසීම අවිනිශ්චිත වීමයි.

නමුත් කාවින්ද ට පිලිතුරු දුන් මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නොවුනත් දිනන අපේක්ෂකයකු ඔවුන් ඉදිරිපත් කරන බවත් කිසි ලෙසකින්වත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති වීමට ඉඩ නොතබන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *