සජිත් ඩිලාන්ලා එක්ක පෑහෙද්දී බදුල්ලේ චමින්ද ඉල්ලා අස්වෙයි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
තවදුරටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයක රැඳී සිටිමින්, ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තමන්ට නොහැකි බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට හේතු දක්වමින් චමින්ද පවසන බව ද වාර්තා වේ.
කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන තොරතුරු අනුව, සමගි ජන බලවේගයේ සජිත් පාර්ශවය සමග හොර රහසේ ගිවිසුමකට එළඹ සිටින ජීඑල්-ගොඩහේවා කණ්ඩායමේ සාමාජිකයෙක් වන පොහොට්ටුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කුප්‍රකට ඩිලාන් පෙරේරා සමග සජිත්ලා පවත්වන සබඳතාව චමින්ද විජේසිරිගේ දැඩි විරෝධයට හේතු වී තිබේ.
විශේෂයෙන්ම, ඉදිරි ප්‍රධාන පෙළේ මැතිවරණවලදී ඩිලාන් පෙරේරාට බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දීමේ සූදානමක් පවතින බැවින්, බදුල්ලෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ චමින්ද විජේසිරි ඒ සම්බන්ධයෙන් දැඩි කළකිරීමක සිටින බව ද වාර්තා වේ.
චමින්ද විජේසිරි යනු, එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය ලෙස ඉවත් ව ගිය කණ්ඩායමේ ක්‍රියාකාරීම සාමාජිකයෙක් මෙන් ම, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් විශේෂයෙන් ම බණ්ඩාරවෙල මැතිවරණ බල ප්‍රදේශය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළ තරුණ දේශපාලනඥයෙකි. සමගි ජන බලවේගය අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින අවස්ථාවල දී පවා පක්ෂය සහ නායකයා වෙනුවෙන් පෙනී සිටි චමින්ද, සජිත් ප්‍රේමදාස ප්රමුඛ කණ්ඩායමේ වර්තමාන ක්‍රියාකාරීත්වය මත කළකිරුණු තවත් එක් මන්ත්‍රීවරයෙකි.
ගොඩහේවා, ජීඑල්, ඩිලාන් වැනි පුද්ගලයන් එක් කරගෙන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මෙන් ම තරුණ දේශපාලකයන් කපා දැමීමක නිරත වන සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා කණ්ඩායම නිසා මේ වන විට කළකිරී සිටින රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා. එරාන් වික්‍රමරත්න වැනි ජ්‍යෙෂ්ඨයන් අතරට චමින්ද විජේසිරි වැනි ඡන්ද පදනමක් සහිත තරුණ දේශපාලනඥයෙකුගේ නම ද එකතු වී තිබේ.