සජිත් තරග නොකර රනිල්ට සහාය දෙන්න. සමගියේ උඩ සිට යටටම ඉල්ලයි

සජිත් තරග නොකර රනිල්ට සහාය දෙන්න. සමගියේ උඩ සිට යටටම ඉල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට වාර්තා පලවීමත් සමග දේශපාලන ලෝකයේ විවිධ සිදුවීම් දිනෙන් දින වාර්තා වීම වැඩිවෙමින් පවතී.

ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දී තරග නොකර සිටින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පිහිටවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බව ද එම පිරිස යෝජනා කර තිබේ.

පක්ෂයේ ඉහළම පෙළේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේ සඳහා එක්ව ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ අතර සමගි ජන බලවේගය ආසන බල මණ්ඩල වලින්ද යෝජනා වෙමින් ඇතැයි පැවසෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා තරඟ නොකර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *