සජිත්, දයාසිරිට කොක්ක ගහයි ද?

සජිත්, දයාසිරිට කොක්ක ගහයි ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට තිබිණ.

ඒ ඔස්සේ පුවත් නිර්මාණය කරමින් දයාසිරි, සමගි ජන බලවේගය සමග සම්බන්ධ වීමට යන බව පෙන්වීමට සමහර වෙබ් අඩවි උත්සාහ ගත් අතර, එම කතා දැන් පුස්සක් බවට පත්ව ඇති බව අප වෙත වාර්තා වී තිබේ.

කුප්‍රකට ඩීල්කරුවෙකු වන මහාචාර්ය ජී.එල්. පීරිස්ට අග්‍රාමාත්‍ය තනතුර ලබා දීමේ පොරොන්දුව හේතුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල වැනි මන්ත්‍රීවරුන් පවා දැඩි සිත් වේදනාවට පත් ව සිටින තත්ත්වයක් තුළ දයාසිරි සජබය හා සම්බන්ධ වීමට කිසිසේත්ම සූදානමක් නැති බව දැනගන්නට තිබේ.

කළක් ජීඑල් ගේ ලේකම්වරයෙකු ලෙස ද, කටයුතු කොට ඇති දයාසිරි ජීඑල් ගැන හොඳ හැටි දනී. එමෙන්ම සමගි ජන බලවේගය තුළ සජිත්ගේ බලය දිය වී යන තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය හා සම්බන්ධ වීමේ උවමනාවක් තමන්ට නැති බව දයාසිරි තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇති බව ද කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *