සමූපකාර බලය අල්ලමින් රටේ බලය අල්ලන මාලිමාව
පසුගිය සමයේ ලංකාවේ බොහෝ සමූපකාරවල මැතිවරණවලින් ජයගත් මාලිමාව මහා උජාරුවෙන් ඒ බව රටට කීවේ ඔවුන් විශාල ජයග්‍රහණයක් ලබා ගත් බව හඟවමිනි. එසේ විජයග්‍රහණය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සමූපකාරය ද, මේ වන විට පවතින්නේ මාලිමා පාලනය තුළ ය.
වාරියපොල සමූපකාර සමිතිය යටතේ ඉන්ධන පිරවුම්හලක් මෙන්ම මල් ශාලාවක් ද, මීට පෙර ඉතා උජාරුවට ක්‍රියාත්මක විය. නමුත් අද වන විට මාලිමා පාලනය මල්ශාලාව අඩි 06ක් යට වළලා දමමින් සිටී.
පසුගිය දිනක වාරියපොල මල්ශාලාව වෙත මරණ 03 කට අදාළ මෘත ශරීර ලැබී තිබුණි. ලහි ලහියේ එම්බාම් කටයුතු කළ මාලිමා පාලකයෝ මෘත ශරීර 03 අදාළ නිවෙස් වෙත යවා තිබුණි. ඉන් එකක් අපේ ගම වෙත ද පැමිණ තිබූ අතර තත්ත්වයේ සෝචනීය බව අපට වැටහී ගියේ ඒ අනුව ය. මෘත ශරීරය බැලීමට හැකි වූයේ පළමු දිනයේ පමණි. දෙවැනි දිනයේ සිට එම්බාම් කිරීමේ ප්‍රතිඵල ගම්මුන් භුක්ති වින්දේ නහය වසාගෙන ය.
පසුගිය කාලය පුරාවටම උජාරුවට තිබූ වාරියපොල මල් ශාලාවේ එම්බාම් එකක් කිසිදා මෙලස සිදුවී නැත. මෘත ශරීරය දින 03ක් තියා ගැනීමට නොහැකි විය. ඕජස් ගලා ගිය මෘත ශරීරයේ ඇදුම් දෙවරක් මාරු කරනනට විය. එයට මුදල් ගෙවීමටත් අදාළ නිවසට සිදු විය.
සමූපකාරයේ මාලිමා සභාපතිට ඇමතුමක් ගත් ගම්මු මේ පිළිබඳව විමසූ විට ඔහු කළේ සමාව ගැනීම පමණි. ඔහු කට පුරා කීවේ මෘත ශරීර 03ක් පැමිණි නිසා පොඩ්ඩක් අවුල් උනා යනුවෙනි.
මේ කතාවෙන් වටහා ගත යුතු දෙයක් ඇත. මාලිමාවේ ගම් නියෝජනය කරන බහුතරයක් කිසිවක් පාලනය කර ගත නොහැකි පිස්සු යක්කු කොටසකි. ඔවුන් රට බාර ගත් පසුව ද සිදුවන්නේ මෙයම බව වටහා ගැනීම ඔබගේ මනස දියුණු වේවා…
ලිපිය – සැඟවුණු මාධ්‍යවේදියා