
සැබෑවේ බොරුව කරන්ට් බිලෙන් බේරේ!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් අකැමැත්තෙන් මෙන් දක්කාගෙන යන්නට රනිල්ගේ කැම්පේන් එක බාර නිලධාරීන් සහ රනිල්ගේ ඇඟ නැතිව ජීවත් විය නොහැකි වජිර, රවී ඈ මැක්කන්ගේ උත්සාහය පෙරටම ගෙන යමින් තිබේ.
ඒ අනුව, ‘සැබෑව’ නම් වූ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිය අරඹමින් 2024 මාර්තු 10 වෙනිදා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේ දී ජනාධිපතිවරයා මුල් වරට මහජන රැලියකට සහභාගී වීමට නියමිතය. එය මූලිකව සංවිධානය කරන්නේ රනිල්ගේ සමීපතම හිතවතෙක් වන උප නායක අකිල විරාජ් කාරියවසම් ය. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, නවීන් දිසානායක, සහ රවී කරුණානායක මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.
රනිල්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඇරඹෙන්නේ මෙලෙසිනි. එය ඇරඹීමට මග දෙපස පිළියෙල කරමින් මෙතෙක් අඩු කිරීමට නොහැකිව තිබූ විදුලි බිල ද හිටිහැටියේ අඩුවන්නේ ය. පාර්ශව කිහිපයක් විසින් ම විදුලි බිල අඩු කළ හැකි බව උදාහරණ සහිතව පෙන්වා දෙද්දී මුනිවත රකිමින් සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල දෙතුන් ගුණයකින් ඉහළ නැංවීය. දැන් හිටි හැටියේම විදුලි බිල අඩු කිරීමේ ආශ්චර්යය පෙන්වමින් සිටී. ‘සැබෑව’ කැම්පේන් එක නිසා මෙතෙක් පැවැති විදුලි බිලේ බොරුවට තිත තැබීමට ආණ්ඩුවට සිදු වී තිබේ.
මෙය රනිල් වික්‍රමසිංහට පමණක් සීමා වූවක් නොවේ. ඡන්දයක් ළංවෙද්දී කරන්න බැරි දෙයක් නැත. ඉන්ධන මිල අඩුවේ. විදුලි බිල අඩුවේ. භාණ්ඩ මිල අඩු වේ. කැම්පේන්වලට අනුව රටේ ආර්ථික තීරණ ගැනීමේ ‘සැබෑව’ ලංකා දේශපාලනයේ යථාර්ථයයි.