සුළු පක්ෂ පිට යාම නොපෙන්වීමට සජිත් සංදර්ශනයක..

සුළු පක්ෂ පිට යාම නොපෙන්වීමට සජිත් සංදර්ශනයක..

දෙසැම්බරය ගෙවී යන අවසන් දිනෙක කොලඹ ටාජ් සමුද්‍ර හෝටලය වෙත ලංකාවේ සුළු ජාතික නියෝජනයක් සහිත පක්ෂ කීපයකම නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වී තිබිණ.

අදාල හෝටලයේ කළමනාකාරීත්වය සම්බන්ධ සහ ඉන්දියාව සමඟ සමීපව ගණුදෙනු කරන පුද්ගලයකුගේ අනුග්‍රහය මත සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සහිත පෙර කී සාකච්ඡාවට අරමුණ වී තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිගනිමින් ඔහු වටා සන්ධානයක් ගොඩ නැගීමට එම පක්ෂ නායකයන් එකඟ කර ගැනීමයි.

විපක්ෂ නායකවරයා ඇතුලු පිරිසක් සජබය නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වී සිටි අතර රවුෆ් හකීම්, මනෝ ගනේෂන්…. වැනි සුලු ජාතික පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ආරාධනා ලැබ අදාල අවස්ථාවට එක්ව සිටියහ.

නමුත් අප ආරංචි මාර්ග අනාවරණය කරන්නේ එම සාකච්ඡාව මුලුමණින්ම අසාර්ථක වූ බවයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ආරම්භයටත් පෙර සිට පිලිගනිමින් හදන්න පුලුවන් සන්ධානය මොකක්ද? එහෙම කලින්ම කිව්වම කවුද මේවට එකඟ වෙන්නේ සහ සන්ධානය හදන්න එන්නේ කියන කාරණය දේශපාලනයේ පරිණත එම සුලු පක්ෂ නායකයන් කරුණු දක්වමින් මතු කර පෙන්වීම එම අසාර්ථක බවට හේතුව විය.

ඔවුන් පෙන්වා දුන්නේ 2015 දී UNP එක වටා ඔවුන් එකතු වුනේ රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා යැයි පූර්ව කොන්දේසියක සිට නොවන බවත් රාජපක්ෂ පාලනය පරාජය කිරීම ඉලක්ක කරමින් පොදු නායකත්වයක් සහිතව බවත් ඒ හරහා ඇතිවුන තත්වයන් මත පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරාගත් බවත්ය.

එමෙන්ම මෙවරද සිදු කල යුත්තේ එවැන්නක් බව ඔවුන් පෙන්වා දුන් නමුත් සජිත් ප්‍රේමදාස පාර්ශවය දිගින් දිගටම කරුණු දැක්වූයේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදීම ඉටුකල යුතු පූර්ව කොන්දේසියක් බවය.

හකීම් මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා හට එලෙස පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමට තරම් දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව සහ විශේෂයෙන්ම නාගරික මධ්‍යම පන්තිය තුල ජන පදනමක් නොමැති බවත් එවැන්නක් ගොඩ නැගෙනවා යැයි තමන්ට දැනුන විට පෙර කී සන්ධාන යෝජනාව පිලිබඳව තම පක්ෂයට සලකා බැලිය හැකි බවත්ය.

මෙලෙස මෙම සාකච්ඡාව අසාර්ථක වෙද්දී එය වෙනත් ලෙසකින් මග හැරවීමට 2024 ජනවාරි පලවනදා ලබන මොහොතේ සජිත් ප්‍රේමදාස පාර්ශවය පියවර ගෙන තිබුනේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සජබයට එකතු කර ගැනීමෙන් හා ඩිලාන් පෙරේරා හරහා සජිත් තමයි පොදු අපේක්ෂකයා ලෙස කියවා ගැනීමෙන්ය.

නමුත් ඉන් කියැවෙන්නේ සජිත් ප්‍රේමදාස පාර්ශවය සුලු පක්ෂ නායකයන් කී කරුණු ගැන වගකටවත් නොගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *