සේනාධිපතිගේ රක්නා ලංකා අධිවේග ආරක්ෂාවට යොදවයි!

සේනාධිපතිගේ රක්නා ලංකා අධිවේග ආරක්ෂාවට යොදවයි!

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට පවරා දුන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ දක්වා අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලැබූ නමුත්, එම කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබුවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් යොදවා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, මතභේදයට තුඩු දුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් චූදිතයෙකු වන නිස්සංක සේනාධිපතිට මෙම රක්නා ලංකා ආරක්ෂක සමාගම ද අයත් ව තිබීම ය.

ඇවන්ගාඩ්’ පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *