සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගැනීමත් සමග ඔඩොක්කු කුක්කන් කැළඹෙයි..

සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගැනීමත් සමග ඔඩොක්කු කුක්කන් කැළඹෙයි..

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් දේශපාලකයන්ගේ වංචා දූෂණවල හවුල්කරුවන් වූ රජයේ ඉහළම නිලධාරීන්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ.

මේ දක්වා කිසිදු බයක් සැකක් නොමැතිව දේශපාලකයන්ගේ වංචා දූෂණවල කොටස්කරුවන් බවට පත්ව සිටින නිලධාරීන් ගණනාවක් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්අඩංගුවට ගැනීමෙන් තැති ගැන්මට ලක්ව සිටින බව මේ අතර අනාවරණය වේ.

පසුගිය මෛත්‍රි රනිල් හවුල් ආණ්ඩුව සමයේ ජනාධිපති ලේකම්වරයෙකු ද අල්ලස් ගැනීමේදී අත්තඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

එහෙත් එම අවස්ථාවේ සිදු වූ හුදකලා සිද්ධියක් ලෙස එය පැවතියද වංචා දූෂණවලට එරෙහි විශාල ජන මතයක් රට තුළ නිර්මාණය වී තිබෙන පසුබිමක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්අඩංගුවට ගැනීම ජනතාවගේ විශේෂ ජයග්‍රහණයක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *