හර්ෂ නටා ඇත්තේ ජූලි එක්ක පමණක් නොවන බව සජිත් කියයි

හර්ෂ නටා ඇත්තේ ජූලි එක්ක පමණක් නොවන බව සජිත් කියයි

පසුගියදා තිබුණ තමන්ගේ පාසලේ Big match එක බැලීමට ගිය හර්ෂ ද සිල්වා හොඳ හැටි නැටුවේ ය.  ඒ හීනියට අඩියක් එහෙමත් ගහලා ය.

මේ නැටුම ලංකාවේ social media ඇතුලේ, වයිරල් වුන අතර ඒ හර්ෂ නිසා නොව හර්ෂ ගේ අත් අල්ලාගෙන නැටූ ගැහැණු පරාණය නිසාය. ඒ වෙන කවුරුත් නොව ලංකාව තුල හරි ප්‍රසිද්ධ ජූලි චන්ග් ඇමරිකානු තානාපතිනියයි.

මේ නැටුම social media ඇතුලේ ගියාට නැටුම කෙළවට වුණේ ගුටි බැටයකට නොගිහින් අනූ නවයෙනි.

සංගීතය සහ මධුවිත සමඟ නැටුම ක්‍රියාත්මක වෙද්දී එතැනට කඩා පිනූ එක්තරා අයෙක්  “පලස්තීනේ දහස් ගණන් මිනිස්සු මරලා දාද්දි උඹලා හොඳට ජොලියේ නටනවා “ නේදැයි සුද්ද ඉංග්‍රීසියෙන් ජූලි චන්ග් ට දෝෂාරෝපණය කිරීමට පටන් ගෙන ඇත.

එන පොට හොඳ නැති බව දැනගත් තානාපති ආරක්ෂක අංශ වහාම තානාපතිනිය එතැනින් ඉවත් කරගෙන ගොස් ඇති අතර හර්ෂවද ඔහුගේ ආරක්ෂක අංශ රැගෙන ගොස් ඇත.

මේ නැටුම අහවර වී සතියක් විතර ගිය තැන විපක්ෂ නායක මෙන්ම සජබ නායක සජිත් ප්‍රේමදාස ට අනුව හර්ෂ ද සිල්වා නටා ඇත්තේ ජූලි චන්ග් සමඟ පමණක් නොවන බවට කසු කුසුවක් සජබ පාර්ලිමේන්තු කණ්‌ඩායම තුල පැතිර යමින් ඇත. ඒකට හේතු වී තිබෙන්නේ පසුගියදා සජිත් පාර්ලිමේන්තුවේදී,  හර්ෂට මුදල් කාරක සභාවේ සභාපති කම දුන්නේ රනිල් බව කියා සිටීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *