හිටපු ජනපති වරප්‍රසාද කපන්න තවම තීරණයක් නෑ. පනත හරස්වන බව අනුරලා නොදැන සිටියා ද? කමිටු නිර්දේශ මත සියල්ල තීරණය වෙයි.

හිටපු ජනපති වරප්‍රසාද කපන්න තවම තීරණයක් නෑ. පනත හරස්වන බව අනුරලා නොදැන සිටියා ද? කමිටු නිර්දේශ මත සියල්ල තීරණය වෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකගේ රජය තවමත් තීරණයක් ගෙන නොමැත. ඔවුන් පවසන්නේ තමන් ඒ පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කමිටුවේ නිර්දේශ අපේක්ෂාවෙන් සිටින බව ය.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ජනාධිපති අයිතිවාසිකම් පනතට අනුව නිවාස, වාහන සහ විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද හිමි වේ.

එවැනි සහන කප්පාදු කිරීමට රජය දැන් තීරණය කර ඇති නමුත් පනත ඊට හරස් වන බව කියයි. එවැනි වහසි බස් දොඩද්දී නම් ඔය කියන අන පනත් තිබෙන බව වත් මාලිමාවට මතක් වූයේ නැත. මතක් වූවත් ජනතාව රැවටීම මූලික අරමුණ බැවින් ඒ බවක් ජනතාව හමුවේ කියා සිටියේ ද නැත.

සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රතිඥාවක් දුන්නේ ය. නමුත් පනත නිසා එසේ ලේසියෙන් මේ කටයුත්ත කරන්න බැරි බව ඔහු කීවේ නැත.

පනත සංශෝධනය කරන්නේ දැයි විමසූ විට ඉහළ ආරංචි මාර්ග පැවසුවේ එය කමිටුවේ නිර්දේශ මත රඳා පවතින බව ය. කමිටු නිර්දේශ කතා මාලිමා වේදිකාවෙන් ඇසුනේ ද නැත.

හිටපු ජනාධිපතිවරයෙකුට මෝටර් රථයක්, ජීප් රථයක් සහ ඩබල් කැබ් රථයක් යන වාහන තුනක් හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *