හින්දු ජනතාව සහ බෞද්ධයන් විරසක කොට බලය ලබාගැනීමේ රනිල්ගේ උත්සාහය

හින්දු ජනතාව සහ බෞද්ධයන් විරසක කොට බලය ලබාගැනීමේ රනිල්ගේ උත්සාහය

මෙම සංදේශය යොමු කොට ඇත්තේ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා, අරුල්මිකු මාවිද්දපුරම් කන්දසාමි කෝවිලේ ප්‍රධාන පූජක, සිවභූමි භාරයේ සභාපති ආරු තිරුමුරුගන්, ශිව සේනායි ප්‍රධානී මරවන්පුලවු කේ සචිතානන්දන් සහ තවත් සියයකට වැඩි පිරිසක් සමග පුද්ගලිකව භාර දෙන ලද්දේ සිවබාල දේශිකාර් සංගමයේ සභාපති සහ සංගමයේ ලේකම් ශ්‍රීන්දරන් විසිනි.

එම සංදේශය මඟින් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු හින්දු භක්තිකයන් වෙත ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කරමින්, රජයේ සෘජු මැදිහත්වීම හරහා ලැබෙන ප්‍රතිලාභ 10 සංදේශයේ ලැයිස්තුගත කර තිබේ.
රටේ ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ දේශපාලන චින්තනයය හරහා හින්දු සංස්කෟතිය වෙත දැඩි අසාධාරණයක් සිදු වන කාරණා රැසක් ම එමගින් හුවා දක්වා ඇති අතර ඇතැම් කාරනා සඳහා මැදිහත්වීම පිලිබඳව රනිල්ට ප්‍රසාදය පලකොට තිබේ. ඒ අතර;

  1. ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා සිදු වූ අනවශ්‍ය බෞද්ධ ආක්‍රමණ රනිල් විසින් නතර කිරීම
  2. බෞද්ධ රැඩිකල්වාදී ලෙස ක්‍රියාකර හින්දු ආගමට හානියක් කළැයි සඳහන් කරමින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීමට පාර කැපීම, සංදේශය මඟින් උත්කර්ෂයට නංවා තිබේ.
  3. රනිල් බලයට පත්වීමෙන් පසු හින්දු භක්තිකයන්ගේ විශ්වාසයන් මත පිහිටා කටයුතු කිරීම සඳහා හින්දු භක්තිකයන් තුල ශක්තිමත් මනසක් ඇති කිරීමට පියවර කිහිපයක් ගෙන ඇති නමුත් ඒවා ප්‍රමාණවත් නොවන බව පවසමින් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග ද මෙම සංදේශය මගින් පෙන්වා දී තිබේ. ඒ තුළින් ඉල්ලා ඇත්තේ හින්දු අනන්‍යතාව වර්ධනය කිරීම සඳහා ජනාධිපතිගේ සහායයි.ජනාධිපතිවරයා උත්සාහ දරන්නේ හින්දු අන්තවාදය හා සිංහල බෞද්ධ අන්තවාදය එකවර කරපිට තබාගෙන යමින් ජනාධිපතිවරණයක දී දෙපැත්තෙන්ම එකලෙස ඡන්දය කඩා ගැනීමටය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය රැඳී ඇත්තේ පුරාවිද්‍යා නටබුන්, ස්මාරක සහ ඓතිහාසික ස්ථාන මත බව දන්නා ජනාධිපතිවරයා ඒ සඳහා එක අතකින් තල්ලුවක් දෙන අතරේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන් රැකගැනීම වෙනුවෙන් සිදු කරන කටයුතු නතර කරන ලෙස අනියමින් තර්ජනය කරන්නේ ‘අනවශ්‍ය බෞද්ධ ආක්‍රමණ’ යන ශීර්ෂය යොදා ගෙන දෙමල හින්දු ජනයා සතුටු කිරීමටය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහජීවනය නාමයෙන් උත්සාහ කරන්නේ දමිළ හින්දු ජනතාවගේ ඡන්දය තවත් ක්‍රමයකට මංකොල්ලකෑමට ය. සාම්ප්‍රදායික හින්දු ජනතාව බෞද්ධ උරුමයන් සමග සහයෝගයෙන් කටයුතු කරද්දී අන්තවාදී දේශපාලකයන් විසින් සිදු කරන ඉල්ලීම් සඳහා රනිල් ඉඩ ලබා දෙන්නේ එකී පටු අරමුණ වෙනුවෙනි. පුරාවිද්‍යා කොමසාරිස්වරයාට බලපෑම් සිදු කොට ඔහු තනතුරින් ඉල්ලා අස්වීමට රනිල් පාර කපන්නේ ඒ අනුව ය.

එතෙකින් නොනැවතී ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව විසින් අදහන ආගම වන බෞද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන ප්‍රමුඛත්වය හින්දු ආගමට ද ලබා දෙන ලෙස අන්තවාදීන් සිදු කරන ඉල්ලීම ඉටු කිරීම සඳහා ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා සූදානම් වන්නේ දමිළ හින්දු ජනතාව රවටා ඡන්දය ලබාගෙන නැවත බලයට පත් වීම සඳහා ය.

ජාතිවාදය, ආගම්වාදය වපුරුවා වුව බලය ලබා ගැනීම දැන් රනිල්ගේ අරමුණ වී තිබේ. ඊට නොරැවටීම සියළු ජනතාවගේ වගකීම වන අතර, පුරාවිද්‍යා උරුමයන් සුරැකීම ජාතිවාදයක් නොවන අතර, එය ජාතිවාදයට යට නොකිරීමට සියළුදෙනා එක්ව කටයුතු කළ යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *