හෙණ ගහද්දි එලියට දාන්න යකඩයක් හොයපු සජිත්ට හමු වූ පුංචි හිරමණය !

හෙණ ගහද්දි එලියට දාන්න යකඩයක් හොයපු සජිත්ට හමු වූ පුංචි හිරමණය !

G.L , ගොඩහේවා කණ්ඩායම කළින්ම සජිත් ගාවට ආව ද, ඒ ආවේ නිදහස කණ්ඩායමේ පිරිසක් එහිම නතර කරය. ඒ ඩලස්,චරිත ඇතුලු කීප දෙනෙකි.

ඒකට හේතුව වූයේ ඩලස් ට විමල් – වීරසුමන වීරසිංහ දෙපල අතහැර සජබ ට හෝ වෙන ඕනෑම තැනකට යාමට තිබූ අකමැත්ත සහ ජාතික ජන බලවේගය ට ඉහළින් අනුරලා අටවන්නට ගිය කූඩාරම තුළට ඩලස්ට චරිතට අඬ ගසා තිබීමය.

එහෙත් දැන් නැවත වටයකින් ඩලස් – සජිත් දීගයක් ඇටවෙන්නට කටයුතු පිළියෙල වෙමින් ඇත. එය සජිත්ගේ පැත්තෙන් ඇඟ බේරා ගැනීමේ මෙහෙයුමකි. 

ජනාධිපතිවරණයට දින නියමවෙන්න ආසන්න වෙත්ම වඩාත්ම අපහසුතාවට පත්ව සිටින දේශපාලන නායකයා වන්නේ සජිත් ය. ඒ ඔහු මේ වසරට පසු ජනාධිපති ,අගමැති, විපක්ෂ නායක යන තනතුරු තුනම ලැබෙන්න හෝ නොලැබී යන්න ආසන්න මිනිසා නිසාය.

රනිල් සජබ කණ්ඩායමක් ගලවා ගන්නා බව මෙන්ම ඒ හරහා දුර්වල වන දුර්මුඛ වන සජබ ජනාධිපතිවරණය පරාජය වන බව සජිත් දනී. එහෙම වුනොත් දෙවරක් ජනාධිපතිවරණය ට තරඟ කර 2 ට බිංදුවක් ලෙස තම ලකුණු පොත ලියා ගන්නට සිදුවීම සජිත්ට මාරාන්තික ය.

එබැවින් මේ මුහුණ දෙන්න වෙන හෙනයට දැන් තියා එලියට දැමීමට යකඩයක් සජිත්ට ඕනෑ ය. එමෙන්ම ඒ එලියට දමන්නා ජනාධිපතිවරණයක් වැරදිලාවත් දිනන අයෙකු ද නොවිය යුතුය.

ඒ සඳහා සජිත් ට මතකයට ආවේ පැරදිලා පුරුදු ඩලස් අලහප්පෙරුම ය.

සජබ පැත්ත පලාතේ නොයන බවට තම දරු මාල්ලන්ටත් සපථ කර සිටි ඩලස්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කිව්ව සැනින් ඒ පොරොන්දු අමතක වී, ජනාධිපතිකම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති සටන පරාජය වූ සැටි ද අමතක වී නිකම් මොකකක්දෝ මොකක්දෝ දෙයක් දැනෙන්නට ගෙන ඇත.

ඔන්න ඔහේ එහෙම නම් සජිත් ගාවට ගිහින් බලනවා වැනි හිතක් දැන් ඩලස් පුංචි හිරමණේට පහළ වී ඇත්තේ එහෙයිනි.

එමෙන්ම මේ සජිත් – ඩලස් දීගය හරි ගියහොත් ඊලඟට සජිත්ලා සමඟ සන්ධානගත වනු ඇත්තේ දිලිත් – විමල් – උදය සර්ව ජන සෙට් එකය. වීරසුමන වීරසිංහ ද එතනය. ඩලස් ඊට ඉත සිතින් කපුකම් කරනු ඇත. ඒ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙනි.  පරදින්නට නම් එන්නේ සජිත් එය ලබා දී ඇඟ බේරා ගනු ඇත්තේ සන්ධාන පාර්ශවයන් තීරණය කලා යන වදන් ටික ඉස්සරහට දමාගෙනය.  එවිට වසර පහකට නැවත ඔහු විපක්ෂ නායක ය.  වැරදිලාවත් ඩලස් දිනුවොත් සජිත් අගමැතිය.

තත්ත්වයන් පෙල ගැසෙන ආකාරය බැලූ විට  මහින්දගේ පලුවක් සජිත් සමඟය,  තවත් පලුවක් රනිල් සමඟය. 
මේ ගොඩක් දේවල් ඉදිරි දින 45 ඇතුලත තිරගත වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *