හොරු එක්ක සන්ධාන නෑ කී හර්ෂට තිස්සගෙන් කණේ පාරක්..!

හොරු එක්ක සන්ධාන නෑ කී හර්ෂට තිස්සගෙන් කණේ පාරක්..!

සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේ මීට ටික දිනකට පෙර ය. අප විසින් ප්‍රශ්න කළේ දූෂිතයන් එක් කර නොගන්නේ නම් නාලක ගොඩහේවා වැන්නෙකුට මහලේකම් තනතුර දෙන්නට සජිත්ගේ කණ්ඩායම සූදානම් වන්නේ කෙසේ ද යන්න ය. හර්ෂ කෙසේ කීව ද සජිත් ප්‍රේමදාස තමන් ජනාධිපති වීම සඳහා ඕනෑම දෙයක් කරන බව අපි පෙන්වා දුන්නෙමු.

“අපිත් සමඟ එකතු වෙනවා නම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට එකඟ වෙන්න ඕන. අපි හදන සන්ධානය විවෘතයි. හොරු නෙවෙයි නම් අපේ සන්ධානයට අපි එකතු කරගන්නවා.

හැම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් හොරු ඉන්නවා. හොරු අල්ලන්න දේශපාලන පක්ෂවලට බෑ. දේශපාලන පක්ෂවලට පුළුවන් අවශ්‍ය නීති සම්පාදනය කරලා ස්වාධීන කණ්ඩායමකට බලය ලබා දෙන්න. දේශපාලනඥයන් කවදාවත් හොරු අල්ලන්නේ නෑ. හොරු අල්ලන්නෙ ස්වාධීන බලය තිබෙන ආයතනයකට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් විතරයි.”යනුවෙන් හර්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

අපගේ නිගමනය වූයේ, හර්ෂ ද සිල්වා කී ලෙස ම සමගි ජන බලවේගය දූෂිතයන් හා සන්ධානගත නොවන්නේ මය යන්න ඇත්තක් නම්, නාලක ගොඩහේවා වැන්නෙකුට ඉහළ තනතුරක් ලබා දෙනවා තබා, සන්ධානයක් පැත්ත පළාතේවත්, වද්දාගන්නේ නැති බව ය. හර්ෂට උවමනාව තිබ්බාට සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හර්ෂලාට උවමනා හැටියට නොවේ. කොටින්ම ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකාට ඕන විදියටය. සජිත් ප්‍රේමදාස හැසිරෙන්නේ ද, ඒ දෙපළ කියන හැටියටය. සජිත්ටත් ඕනෑ කෙසේ හෝ ජනාධිපති වීමටය. ඒ වෙනුවෙන්, නාලක ගොඩහේවා නම් හොරා මතු ද, නොව හොරාගේ පියා වන මහින්ද රාජපක්ෂ සමග වුව සන්ධානගත වන්නට සජිත් පැකිලෙන්නේ නැති බව ද, අපි කියා සිටියෙමු.

අපගේ නිගමනය සනාථ කරමින් සජිත්ගේ හිතවතෙකු වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක දැන් කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය ඕනෑම පුද්ගලයෙකු සමග සන්ධානගත වීමට සජිත් ප්‍රේමදාසට අවසරය ලබා දී ඇති බවය.

“මේ ජනාධිපතිවරණයට අපි කොහොමත් සූදානම්. මොකද මේ වෙනකොට අපි පක්ෂ සංවිධාන වැඩකටයුතු මූලික වශයෙන් ආරම්භ කරලා තිබෙනවා. ඒත් එක්ක ඉදිරි මාස හත අට තුළ අපි අපේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයත්, ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන අලුත් වැඩ පිළිවෙලත් ආරම්භ වෙනවා. ඒකෙ අපි විශේෂ වැඩපිළිවෙළක් හැටියට ජන පවුර ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. ඒ කිව්වේ ඡන්ද පොළවල් දොළොස්දාහක් ඒකාබද්ධ කරලා ජනාධිපතිවරණයේ මූලික ඉලක්කය ජය ගැනීම සඳහායි ජන පවුර ව්‍යාපාරය අපි ආරම්භ කරලා තිබෙන්නේ. සමගි ජන සන්ධානය හැටියට අපි අපේ රටේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව දැන් බොහෝ කාරණා සකස් කරලා තිබෙනවා. අපි කරුණු විසි හතක් යටතේ අපේ ආර්ථික වැඩපිළිවෙල සකස් වෙන්නේ. ඒ වගේම අපේ ඉදිරි පාලනයට සිදු වෙන්නේ. ඒ සියල්ල දැන් නිර්මාණය කරමින් තිබෙනවා. ජනතාවගේ අදහසුත් අරගෙන අපි අ ඉතාමත් කෙටි කාලයකින් සන්ධානයේ බිහිවුණු වහාම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ආර්ථික වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඉන්නේ.”

තමන්ගේ ප්‍රතිපත්තියට එකඟ නම් ඕනෑම පුද්ගලයෙකු සමග එක් වීමට සජිත්ට අවසර දුන් බව කියන අත්තනායක යළිත් වරක් හර්ෂ ද සිල්වාගේ කණ හරහා පහරක් දෙමින් කියා සිටින්නේ, අම්බ හොරෙක් සමග වුවත් එක්වීමට සජිත් සූදානම් බව නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *