ෆොන්සේකා නොකී සජිත් – සජාත් ගනුදෙනුව
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා විපක්ෂ නායකවරයට තදින් දෝෂාරෝපණය කළේය.
පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනයි.
එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද නම් නොකියා චෝදනා එල්ල කලේය.
තාත්තා ජනාධිපති වූ පලියට පුතාට වැනි අයෙකු ට කිසි දවසක මෙරට නායකත්වයට පත් නොකළ යුතු බව ජනතාව තේරුම්ගත යුතු බවද හෙතෙම කියා සිටියේය. ඔහු වැනි තකතිරුවෙකු රාජ්‍ය නායකත්වයට පත් කර රට කිසිදා මේ අපායෙන් ගොඩගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
තමන් කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම් කාරයන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වලට බඩු බෙද බෙදා නොයන බවද පැවසූ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගසාකා නැති බවත් කියා සිටියේය. අද එම මධ්‍යම අධිවේගේ පාරේ කොටස් ගැලවී බිම ඇද වැටෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
විපක්ෂ නායකවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්දැයි මෙරට ජනතාවගේ සිත් සතන්වල රැව් පිළිරැව් දෙන ප්‍රශ්නයක් බවට මේ වෙද්දී පත්ව ඇත. සජිත් ප්‍රේමදාසට කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම් කාරයන්ගෙන් මුදල් ලැබෙන බව ෆොන්සේකා ප්‍රකාශ කරද්දී මෑත අතීතයේ විපක්ෂ නායකයාට එල්ල වන බරපතල චෝදනාවක් ද මෙහි ලා සඳහන් කිරීම වටී. පසුගිය කාලය පුරා මෙරට ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ සීනී බදු වංචාවක් සිදුකොට රටට බදු ආදායම් අහිමි කළ ප්‍රධාන ආයතනයක් වන පිරමිඩ් ඩෙල්මා සමාගම ගැන කිසිදු අදහසක් දැක්වීමට මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ කිසිදා උත්සාහ කළේ නැත.
ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාසගේ ව්‍යාපාරය එයට මූලික හේතුවක් බව අපිට පෙනී ගිය කරුණකි. ජලනි ප්‍රේමදාස අයත් ’’ජාල් ‘’නමැති රූපලාවන්‍ය වලට සම්බන්ධ ව්‍යාපාර ආයතනය පවත්වා ගෙන යන්නේ පිරමිඩ් ඩෙල්මා සමාගම අයත් සජාන් මවුසීම් ට ද අයිතිය ඇති ශැංග්‍රීලා හෝටලයෙහි 17 වන මහලෙහිය. එමෙන්ම සජාත් – සජිත් ඩීල් එක මෙහෙයවන්නේ කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් බව දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වන කරුණක් බවට පත් ව තිබේ.
සජාන් මවුසීම් යනු මෙරට මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ද මෙරටට අයවිය යුතු නියමිත බදු ආදායම වෙනුවට බදු වංචා කළ ආයතනයක් පවත්වා ගෙන යන්නෙකි. තම වාසි උදෙසා විපක්ෂ නායකවරයා සීනි බදු වංචාව ගැන වචනයකුදු කතා නොකොට නිහඬව ඉන්නා ආකාරය මෙරට ඔහුට පක්ෂ විපක්ෂ සැවොම සොයා බලා ඉදිරි මැතිවරණයකදී විපක්ෂ නායකකම විතරක් නොව ස ජ බ නායකත්වය ගැනද තීරණයක් ගත යුතු ද නැද්ද යන වග ඔබම තීරණය කළ යුතු නොවන්නේදැයි මදක් සිතා බැලීම සුදුසු ය.