ෆොන්සේකා පරල වෙයි. දයාත් ගත්ත එකේ ගෝටවත් ගනිං! කියා සජිත්ට කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කරගෙන උපදේශක තනතුරකුත් ලබා දීම සම්බන්ධයෙන් සජබ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න අපි මින් පෙර විමසා සිටියෙමු.
විශේෂයෙන් ම පලවා හරින ලද ගෝඨා ආණ්ඩුවේ තනතුරු දරමින් ද, රාජපක්ෂ හිතවාදියෙකු වශයෙන් කටයුතු කරමින් ද, විශේෂයෙන් ම ෆොන්සේකාට අපහාස වන අයුරින් කතා කරමින් ද සිටින රත්නායක මෙසේ හිටිඅඩියේ සජබයට එක් කරගැනීමට ප්‍රේමදාස ක්‍රියා කරන්නේ දිගු කලෙක සිට ෆොන්සේකා සහ ප්‍රේමදාස අතර පවතින විරසකය තවත් තීව්ර කරමින් ෆොන්සේකා සජබයෙන් කපාහැරීම සඳහා බව පැහැදිලිව දක්නට ලැබිණ.
අප කී දෙය තහවුරු කරමින් සරත් ෆොන්සේකා සිය අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. ඒ අනුව, හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දැඩි විරෝධය පළ කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ දයා රත්නායක පක්ෂයට එක් කරගත්තා නම් දැන් ගෝඨාභය රාජපක්ෂ ද, පක්ෂයට එක් කරගත හැකි බවයි.
තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක විසින් බවද ඒ හේතුවෙන් ප්‍රමුඛතාවන් නොසළකා දයා රත්නායක ඉදිරියට ගෙන ඇවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මේ බව සජිත් ප්‍රේමදාසට ද, මේ ආකාරයෙන්ම දැන්වූ බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.