ෆොනීගේ ප්‍රහාරය බරපතලයි. දයා දිලිත් ළඟට විසිවෙයි.
මෑතකදී සමගි ජන බලවේගය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එම පක්ෂ මූලස්ථානයට ගිය දයා රත්නායක පක්ෂ නායක දිලිත් ජයවීර ද හමුවී ඇති බවට තොරතුරු වාර්තාවේ.
සමගි ජන බලවේගයට දයා රත්නායක එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි විරෝධය එල්ල කළේය.
ෆොන්සේකා කියා සිටියේ දයා රත්නායක පක්ෂයේ තබාගන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තමන් දැනුම් දුන් බවයි.