26 වෙනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි..

26 වෙනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි..

පාර්ලිමේන්තුව ජනවාරි මස 26 වෙනිදා වාර අවසාන කිරීමට නියමිත බවත්, යළි නව සභාවාරය ආරම්භ වන්නේ පෙබරවාරි 05 වෙනිදා බවත්, අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් වන වාරාවසාන කිරීමක්, මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය.

කෙසේවෙතත්, එකී නව ප්‍රකාශයේ දින සිට දින තුනකට නොඅඩු දිනකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව කැඳවීමේ එකී දිනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන වෙනත් ප්‍රකාශයක් මගින් ඉදිරියට ගෙන ආ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3) වන ඡේදය යටතේ පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලබන අවස්ථාවකදී, වාරාවසාන කිරීමේ ප්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය දැනුම් දිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *