අනුර දැනටමත් 50% පන්නලා! වැඩිම ඡන්ද ගන්නෙ අනුර

අනුර දැනටමත් 50% පන්නලා! වැඩිම ඡන්ද ගන්නෙ අනුර

මීළඟ ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක බවට සමීක්ෂණයක් මගින් ඔප්පු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එම ආයතනයෙන් මුලින් කළ සමීක්ෂණය අනුව 42%ක් වූ මාලිමාවට වූ ජනතා කැමැත්ත නවතම සමීක්ෂණය 46% දක්වා ඉහල ගොස් ඇතැයි හෙළි වී ඇති බවද පැවසූ ඔහු නමුත් සත්‍ය තත්ත්වය නම් 50% ඉක්මවා ජනමතයක් මාලිගාව වටා ගොඩ නැගී ඇති බවද කියා සිටියේය.

එම ආයතන සිදුකළ ජනමත සමීක්ෂනය අනුව ආණ්ඩුවේ ජනමතය 9%ක් දක්වා පසු බැස ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන බල විරෝධය ජනරැළිය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *