අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?

අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?

එළඹෙන වසරේ දේශපාලනිකව ලොකුම අමාරුවේ වැටෙන පුද්ගලයා වි.නා.ස ප්‍රේමදාස මහතාය. සියල්ලටම පෙර තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කර ගත් ඔහු විවිධ පුද්ගලයන්ට තමන්ගේ අගමැති ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු දුන්නේය.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ට සහය පලකරමින් පිල්මාරු කිරීම වලක්වාලීමට අවශ්‍ය නිසා, ඔහු රංජිත් මද්දුමබණ්ඩාර ට සහ ලක්ෂ්මන් කිරිඇල්ල දෙදෙනාටම වෙන වෙනම අගමැති කම පොරොන්දු විය.

දැන් අලුතින්ම පොරොන්දුව දී ඇත්තේ රාජපක්ෂ පාලනයේ අවසන් මොහොත තෙක් නාමල් රාජපක්ෂට නැනීකම කළ G.L පීරිස්ටය. 

GL කොතරම් ලණුව කා ඇත්ද කියතොත් අගමැති වීම සඳහා සජිත් ගාවට බඩගෑම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ගේ නිදහස සභාව ට ගින්දර ඇවිලීය.

මහමුහුදට මහ විනාශයක් කල EXPRESS PEARL නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දි මුදල් යටිමඩි ගසා ගත් නාලක ගොඩහේවා ද මේ සඳහා GL ට සහය විය.

දැන් ජනවාරියේ දී සජිත් ප්‍රේමදාස සන්ධාන ගහන්නට දතකට මැදගෙන ඉන්නේ මෙහෙව් දෙන්නෙක් සමඟය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *