සෙනග ගොඩක් හිටියා…! – සුදු ඇඳගෙන කළු ඇවිදින් – පොහොට්ටු සම්මේලනය කියවා ගමු…..

සෙනග ගොඩක් හිටියා…! – සුදු ඇඳගෙන කළු ඇවිදින් – පොහොට්ටු සම්මේලනය කියවා ගමු…..

පොහොට්ටුව මොන ක්‍රමයකින් හෝ සුගතදාස ක්‍රීඩාංගණය පිරෙව්වට පාක්ෂිකයා හෝ රට අලුත් කිසිවකින් පිරවීමට අපොහොසත් විය . ඒ ඔවුන්ට අලුත් වන්නට වුවමනාවක් නැති නිසා සහ මොනවා කලත් ගොඩ ඒමක් නැති බව වෙන කාටත් වඩා බැසිල් රාජපක්ෂ දන්නා නිසාය.

බෝතලෙත් පරණයි වයිනුත් පරණයි ….

අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂ ජීවත්ව සිටියදී පක්ෂයේ නායකත්වයට වෙනත් කෙනෙකු විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ වැනි තරුණයෙකු නම් කලා නම් පක්ෂයට පාක්ෂිකයාට අමුතුම ජවයක් එන්නත් වීමට ඉඩ තිබිණ.
නමුත් නැවතත් නම් කෙරුනේ රට බංකොලොත්භාවයට හේතු වූවා යැයි අධිකරණයෙන් පවා ඔප්පු වුන වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂ වය.

ඊටත් වඩා දුර්භාග්‍යය වූයේ ඔහුගේ නම යෝජනා  – ස්ථීර කල දෙපල ය.
යෝජනාව කියවූවේ ඒ කියවන සුලු වේලාවටවත් හිට ගෙන සිටීමට නොහැකි වූ ගාමිණී ලොකුගේය.
ස්ථීර කලේ දැඩි ජන අප්‍රසාදයට ලක්ව සිටින කුරුණෑගල ජොන්ස්ටන්ය.


අමතක නොකල යුත්තේ පසුගිය 2022 මැයි 09 වෙනිදා ජනතාව මේ දෙපලගේ ම නිවාස ගිනි බත් කල බවයි, ඒ තරම් මොවුන් කෙරෙහි කෝපයක් ජනතා සිත් සතන් තුල ඇත.

ඊලඟට සලකා බැලිය යුත්තේ පොහොට්ටු සම්මේලනය හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දී තිබූ ඉඟි ගැනය.
බොහෝ පත්තර, වෙබ් පුවත් සේවා මෙම සම්මේලනය ට පෙර වාර්ථා කර තිබුනේ පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් සමුළුව තුල සිදු කරන බව වූ නමුත් එවැන්නක් සිදු නොවූයේ මහින්ද  – ශිරන්ති දෙපල රනිල් වික්‍රමසිංහ ට දී තිබෙන පොරොන්දුවක් මතය.
ඒ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවස්ථාව දෙන බවටය.

රනිල්ට ඉඟියක් …

නමුත් රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තුවන ලෙස 2024 ජනාධිපතිවරණය තුල අපේක්ෂකයකු ලෙස කරලියට ඒමට අවශ්‍ය සහය පොහොට්ටුව තුලින් ලැබෙන බවට රාජපක්ෂවරු ඔහුට පොරොන්දු දී නැත.
ඒ පිලිබඳව ඉඟියක් පොහොට්ටු සම්මේලනයේ ඉදිරිපෙළ අසුන් පැන වීමෙන් පෙන්නුම් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි.
ඒ ධම්මික පෙරේරා රාජපක්ෂවරු අසලින්ම වාඩි කර ගැනීමෙනි.

අහෝ ධම්මික  !

තමන්ට 30% ක් ඇතැයි දැනෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ධම්මික පෙරේරා මීට මාස කීපයකට පෙර ප්‍රකාශ කර තිබුණි.  නමුත් ඉතාම මෑතක කල ජනමත සමීක්ෂණයකදීත් පෙන්නුම් කර තිබුනේ පොහොට්ටුවට ඇත්තේ 6% ක් පමණ ජනප්‍රියතාවක් පමණක් බවයි.
අධ්‍යාපනයට තාක්ෂණය මුසු කිරීම ඉදිරියට දමාගෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉව අල්ලන ධම්මික පෙරේරා පොහොට්ටු සම්මේලනයේ ඉදිරි පෙල අසුන් වල රාජපක්ෂවරු සමඟ හිඳගෙන සිටිනු දැකීමෙන්ම ඔහුගේ නවීනත්වය ගැන ජනතාව තීරණයක් ගනු ඇතැයි මුහුණු පොතේ තැන් තැන් වල ලියැවී තිබුනේ අදාල ඡයාරූපය ද සමගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *